Tuesday, April 8, 2025
Home » ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ජුනි මාසයේදී එළිදක්වනවා

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ජුනි මාසයේදී එළිදක්වනවා

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළැඹෙන ජූනි මාසයේදී එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

පසුගිය වසර දෙකක් තිස්සේ පැවැත්වීමට නොහැකි වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ද මෙම වසරේදී නැවත පවත්වන බව ඇමැතිවරයා පැවසුවේය.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5.52ක් වෙන් කර තිබෙනවා. මාධ්‍යවේදීන් සඳහා වන වරලත් ආයතනයක් (Chartered Institute) අපි පිහිටුවනවා. මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. රජයේ මුද්‍රණාලය වෙනුවෙන් අලුත් යන්ත්‍ර මිලදී ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කළා.රූපවාහිනිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කාලයක් තිස්සේ පස්සට යන ව්‍යාපෘතියක්. ජපන් ණය මුදලක් යටතේ වසර 11ක් 12ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට සැලසුම් කරනවා. ඩිජිටල් අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය කඩිනමින් සිදු කිරීමට කටයුතු කරනවා. දේශපාලනීකරණය වී තිබූ රාජ්‍ය මාධ්‍ය ආයතන ඉහළට එසවීමට කටයුතු කරනවා. පසුගිය ආණ්ඩු කාලයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හරයාත්මකභාවය නැති කර තිබෙනවා. ඉදිරියේදි එම ආයතනය රටට පදනම සකසන තැනැක් බවට පත්කිරීමට අපි කටයුතු කරනවා. තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනය කිරීමටත් අපි ඉදිරියේදී පියවර ගන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT