Home » ට්‍රම්ප් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරුබදු අයකර ගැනීම තාවකාලිකව කල් දමයි

ට්‍රම්ප් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරුබදු අයකර ගැනීම තාවකාලිකව කල් දමයි

by chanaka
March 7, 2025 11:06 am 0 comment

මෙම සතියේ ක්‍රියාත්මක වීමට තිබූ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ නව තීරුබදු අය කිරීමේ තීරණය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබේ.

අමෙරිකාව සිය දෙවන විශාලතම වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙවැනි පියවරක් අනුගමනය කළ දෙවැනි අවස්ථාව මෙය වේ.

ඉකුත් බදාදා ට්‍රම්ප පවසා තිබුණේ මෝටර් රථ නිෂ්පාදකයින් 25% ක ආනයන බදු වලින් තාවකාලිකව නිදහස් කරන බවයි.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ට්‍රම්ප්ට මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූති පළ කර තිබූණි. එසේම කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා පනවා තිබූ තීරු බදුද තාවකාලිකව අත්හිටුවන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT