Wednesday, April 23, 2025
Home » දකුණු කොරියාවේ ප්‍රහාරක ජෙට් යානා වැරදීමකින් ගම්මානයකට බෝම්බ දමලා

දකුණු කොරියාවේ ප්‍රහාරක ජෙට් යානා වැරදීමකින් ගම්මානයකට බෝම්බ දමලා

15කට තුවාල-4කට බරපතළයි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

යුද අභ්‍යාසමාලාවක නිරතව සිටි දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් වැරදීමකින් බෝම්බ හෙළීමෙන් පුද්ගලයන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි කොරියන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. පුහුණු ගුවන් සීමාවට නුදුරින් පිහිටි සිවිල් ගම්මානයකට එම ජෙට් යානා මගින් කිලෝග්‍රෑම් 226ක් බරැති බෝම්බ 8ක් හෙළා ඇතැයි දකුණු කොරියානු හමුදා නිලධාරීන් ප්‍රකාශ කළ බව ද කොරියන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

අනතුර සිදුවී ඇත්තේ සෝල් අගනුවරට කිලෝමීටර් 40ක දුරින් පිහිටි පොචෝන් නුවර ගම්මානයක බවද වාර්තා වේ. තුවාල ලැබූ පුද්ගලයන් අතර විදේශිකයන් දෙදෙනකු සහ හමුදා සෙබළුන් දෙදෙනකු ද සිටින බවත්, සිවිල් වැසියන් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් කොරියන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය. බෝම්බ හෙළීමෙන් කතෝලික දේවස්ථානයකට සහ ගොඩනැඟිලි කිහිපයකට ද හානි සිදුවී තිබේ.

මේ සිදුවීම සම්බන්ධව දකුණු කොරියානු ගුවන් හමුදාව ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති අතර, විමර්ශනයක් සිදු කිරීමට ද නියමිත බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT