Home » පාකිස්තානයේ ළමා විවාහ මිලියන 19ක්

පාකිස්තානයේ ළමා විවාහ මිලියන 19ක්

යුනිසෙෆ් සංවිධාන වාර්තාවකින් හෙළි වෙයි

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

පාකිස්තානයේ දැරියන්ගෙන් මිලියන 19කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 18ට පෙර විවාහ දිවියට ඇතුළත් වී ඇතැයිද, ඉන් මිලියන 4.6ක දැරියන් ප්‍රමාණයක් අවුරුදු 16 වඩා අඩු වයසේදී විවාහ වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ වර්ධනය වෙමින් පවතින බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් විවාහ කරදීමට එරෙහිව කඩිනමින් නීති ක්‍රියාත්මක කරන ලෙස එරට කාන්තා සංවිධාන රැසක් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පාකිස්තාන ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.

ළමා වියේ පසුවන දැරියන්ගේ විවාහයන් සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද කාන්තා සංවිධාන විසින් අවධාරණය කරනු ලැබු බව ද ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

බාලවයස්කාර දැරියන් විවාහ කරදීමෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වන බවත් කාන්තා සංවිධාන රැසක් පාකිස්තාන රජයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT