Home » 21 වැනි රයි­ගම් ටෙලීස් ටෙලි­නාට්‍ය හා මාධ්‍ය සම්මාන නිර්දේ­ශිත නාම උලෙළ

21 වැනි රයි­ගම් ටෙලීස් ටෙලි­නාට්‍ය හා මාධ්‍ය සම්මාන නිර්දේ­ශිත නාම උලෙළ

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

මේ, රයි­ගම් ටෙලීස් 21 වැනි සංව­ත්ස­ර­යයි. වසර 21ක් තිස්සේ අඛ­ණ්ඩව ඉදි­රි­යට රැගෙන ආ රයි­ගම් ටෙලීස් ටෙලි­නාට්‍ය මාධ්‍ය සම්මාන උලෙළ 2024 වර්ෂයේ විකා­ශය වූ ටෙලි නිර්මාණ ඇග­යීම මෙව­රත් සිදු කිරී­මට සූදා­නම්ය.

විශිෂ්ට රූප­වා­හිනී මාධ්‍ය කලා­වක් උදෙසා උර­දෙන සියලු ශිල්පීන්ට හා මාධ්‍ය ආය­ත­න­යන්හි දාය­ක­ත්වය ඇග­යී­මට ලක් කිරීම මෙහි අර­මු­ණයි. සම්මාන රාත්‍රි­යට පෙර සිදු කෙරෙන නිර්දේ­ශිත නාම උලෙළ පසු­ගිය දින ප්‍රවීණ නාට්‍ය­වේදී හා රංගන ශිල්පී ලූෂන් බුල­ත්සිං­හ­ල­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි. එය රයි­ගම් සමූහ ව්‍යාපා­රයේ සභා­පති ආචාර්ය රවී ලිය­නගේ, රයි­ගම් සමූහ ව්‍යාපා­රයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයි­ගම් සමූහ ව්‍යාපා­රයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අම­ර­සිංහ, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි අලෙ­වි­ක­ර­ණය හා පාරි­භෝ­ගික සබ­ඳතා සහ කාඩ් මධ්‍ය­ස්ථා­නයේ තාරක රන්වල සහ විනි­ශ්චය මණ්ඩල සභා­පති බුද්ධ­දාස ගල­ප්පත්ති ඇතුළු සාමා­ජික සාමා­ජි­කා­ව­න්ගෙන්ද, කලා­ක­රු­වන් සහ විශේෂ ආරා­ධිත අමු­ත්තන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් බත්ත­ර­මුල්ල වෝටර්ස් එජ් හෝටල් පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. මෙයට සම­ගා­මිව සම්මාන රාත්‍රිය එළ­ඹෙන මාර්තු මස 29 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝට­ල­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

සම්මාන සඳහා නිර්දේ­ශි­ත­යන් තෝරා­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය සිදු කරන ලද්දේ අය­දු­ම්පත් යොමු කිරී­මෙන්ය. නැවත විකා­ශ­යන් සහ මුදල් ගෙවා පම­ණක් නැර­ඹිය හැකි රූප­වා­හිනී චැනල මේ සඳහා සුදු­සු­කම් නොලැ­බීය. උලෙළ සඳහා ඉදි­රි­පත් වන සියලු නිර්මාණ ස්වාධීන විනි­ශ්චය මණ්ඩ­ල­යක් විසින් ඇග­යී­මට ලක් කර ඇත.

කලින් තීර­ණය කරන ලද ටෙලි­නාට්‍ය හා රූප­වා­හිනී මාධ්‍ය විශි­ෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මා­න­ලා­භීන් විනි­ශ්චය මණ්ඩ­ලය විසින් තීර­ණය කරනු ලබයි. ජන­ප්‍රිය හා ජන­ගත සම්මාන ජය­ග්‍රා­හ­ය­කින් ප්‍රේක්ෂක sms මනා­පය මත තෝරා ගැනේ. වසරේ ජන­ප්‍රි­යම ටෙලි­නාට්‍ය, ටෙලි­නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනා­ප­යෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා­ගැනේ. වඩාත්ම ජන­ගත ටෙලි­නා­ට්‍යය, රූප­වා­හිනී වැඩ­ස­ට­හන් සහ ප්‍රවෘත්ති විකා­ශය, දීප­ව්‍යාප්ත SMS සමී­ක්ෂ­ණ­යක් මඟින් තෝරා­ගනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උප­දේ­ශක සභා­වක් මඟින් සිදු කෙරේ. මේ අනුව සම්මාන කුලක හතක් ටෙලි­නාට්‍ය විශි­ෂ්ටතා සම්මාන, රූප­වා­හිනී මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන, ජන­ප්‍රිය සම්මාන, සඳහා පෙබ­ර­වාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා sms මත විම­සු­මට විවෘ­තව පවතී. ජන­ගත සම්මාන කුල­කය, වඩාත් ජන­ගත ටෙලි­නා­ට්‍යය, ජන­ගත රූප­වා­හිනී වැඩ­ස­ට­හන, ජන­ගත ප්‍රවෘත්ති විකා­ශය පෙබ­ර­වාරි මස 20 වැනි දිනට පෙර අය­දු­ම්පත් යොමු කළ යුතුව තිබිණි. ප්‍රණාම සම්මාන 2ක් වාර්ෂි­කව ප්‍රදා­නය කරන අතර ජීවිතේ එක් වතා­වක් පම­ණක් ප්‍රදා­නය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මා­නය සෑම උලෙ­ළ­ක­දීම ප්‍රදා­නය කරන උත්තම සම්මා­න­යයි. රූප­වා­හිනී නාළි­කාව ඇග­යීම සහ කලා­ක­රු­වන්ට පිදෙන දහ­සින් බැඳී පියලි සමඟ සම්මාන මුරය අව­සන් වේ. වාර්ෂි­කව පැවැ­ත්වෙන රයි­ගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙක­කින් සම­න්විත වේ. ඒ නිර්දේ­ශිත නාම උත්ක­ර්ෂ­වත් උලෙළ සහ අව­සාන සම්මාන රාත්‍රි­යයි. සිය­ලුම නිර්දේ­ශ­ලා­භීන් සහ සම්මා­න­ලා­භීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂ­යක් සඳහා බල­පාන රුපි­යල් මිලි­ය­න­යක ජීවිත රක්ෂ­ණ­යක් සහ රුපි­යල් ලක්ෂ­යක් වටිනා වෛද්‍ය රක්ෂ­ණා­ව­ර­ණ­යක් සමඟ ඔවුන්ගේ හැකි­යාව අගය කර­මින් වටිනා සහ­තික පතක් ද පිරි­න­මනු ලැබේ.
මෙවර රයි­ගම් ටෙලීස් නිර්දේ­ශිත නාම ලැබූ වැඩ­ස­ට­හන් මෙසේයි.

මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ළමා වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී කී‍්‍රඩා වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී අධ්‍යා­පන වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී සංගීත වැඩ­ස­ට­හන
.වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී හඬ­කැ­වීම
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී වාර්තා වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී සඟ­රා­මය වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී පුවත් විශේ­ෂාං­ගය
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී දේශ­පා­ලන කථිකා වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ප්‍රවෘත්ති විකා­ශය
වසරේ නිර්මා­ණා­ත්ම­කම රූප­වා­හිනී රියැ­ලිටි වැඩ­ස­ට­හන
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ප්‍රවෘත්ති නිවේ­දක (සිංහල)
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ප්‍රවෘත්ති නිවේ­දිකා (සිංහල)
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ප්‍රවෘත්ති නිවේ­දක/නිවේ­දිකා (දමිළ)
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී ප්‍රවෘත්ති නිවේ­දක/නිවේ­දිකා (ඉංගී‍්‍රසි)
වසරේ නිර්මා­ණා­ත්ම­කම වර­ලත් රූප­වා­හිනී වැඩ­ස­ට­හන

මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන
නිර්දේ­ශිත නාම
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී සම්ප්‍ර­වේ­ශක (සිංහල)
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී සම්ප්‍ර­වේ­ශක (දමිළ)
වසරේ විශි­ෂ්ට­තම රූප­වා­හිනී සම්ප්‍ර­වේ­ශක (ඉංගී‍්‍රසි)
ටෙලි­නාට්‍ය විශි­ෂ්ටතා සම්මාන නිර්දේ­ශිත නාම
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය අංග රච­නය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය – කලා අධ්‍ය­ක්ෂ­ණය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය ශබ්ද පටි­ග­ත­කි­රීම
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය කැම­රා­ක­ර­ණය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය සංස්ක­ර­ණය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය සංගීත අධ්‍ය­ක්ෂ­ණය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය ගීත රච­නය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය ගීත ගාය­කයා
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය ගීත ගායි­කාව
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය සහාය නළුවා
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය සහාය නිළිය
වසරේ නැඟී එන ටෙලි­නාට්‍ය නළුවා
වසරේ නැඟී එන ටෙලි­නාට්‍ය නිළිය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය නළුවා
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය නිළිය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය තිර රච­නය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය අධ්‍ය­ක්ෂ­ණය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි­නාට්‍ය
වසරේ විශි­ෂ්ට­තම ඒකාං­ගික ටෙලි­නාට්‍ය
වසරේ විශි­ෂ්ට­තම ටෙලි චිත්‍ර­ප­ටය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT