Home » නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්ත ශාලාවට රුපියල් බිලියන 1.1ක නව ආයෝජනයක්

නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්ත ශාලාවට රුපියල් බිලියන 1.1ක නව ආයෝජනයක්

තිරසර සංවර්ධනය වෙනුවෙන් ‍ෙජෙව ස්කන්ධ බොයිලේරුවක්

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන නෙස්ලේ ලංකා කුරුණෑගල පිහිටි සිය නවීනතම කර්මාන්ත ශාලාවේ biomass බොයිලේරු ව්‍යාපෘතිය විවෘත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ රුපියල් බිලියන 1.1ක ආයෝජනයක් සිදු කරමිනි. පරිසරය රැක ගනිමින් කාබන් විමෝචනය 2050 වන විට නිෂ්පාදන දාමය පුරා අවම කිරීමේ අරමුණ සඳහා ‘Good Food Good Life’ ආයතනය ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මෙම biomass බොයිලේරුව පෙන්වා දිය හැකිය.

මිනිසුන්ට මෙන්ම සතුන්ටද, ගහ කොළටද බලපෑමක් නොවී තිරසර අයුරින් සිය මෙහෙයුම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති නෙස්ලේ ලංකා ආයතනය රුපියල් බිලියන 1.1ක මෙම ආයෝජනය තුළින් සිය නිෂ්පාදන මෙහෙයුම්හිදී වාෂ්ප නිපදවීම වෙනුවෙන් තෙල් භාවිතයේ සිට biomass භාවිතය දක්වා සංක්‍රමණය වීමට අවශ්‍ය පහසුකම් සලසනු ලබයි. මේ හේතුවෙන් අද වන විට ක්‍රියාත්මක වාෂ්ප බොයිලේරු තුළින් නිපදවෙන කාබන් විමෝචනය 90%කින් අඩු කිරීමට හැකි වනු ඇතැයි නෙස්ලේ ලංකා ආයතනය අපේක්ෂා කරයි.

2025 පෙබරවාරි 27 වන දින ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා විසින් කුරුණෑගල නෙස්ලේ ලංකා කර්මාන්ත ශාලාවේදී මෙම බොයිලේරුව විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හා වාණිජ මණ්ඩලයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සභාපති විශ් ගෝවින්දස්වාමි යන මහත්ම මහත්මීහු එක් වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටියේ “ගුණාත්මකභාවය හා නවෝත්පාදනය සඳහා කැපවෙමින් නෙස්ලේ ලංකා සමාගම දේශීය ආර්ථිකය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. රැකියා අවස්ථා උදාකර දීම, තිරසර භාවිතයන් ඉහළ නැංවීම හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා සහාය වන නෙස්ලේ ලංකා ආයතනය මෙම biomass බොයිලේරුව විවෘත කිරීම තුළින් පාරිසරික තිරසරත්වය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා අපගේ නවෝත්පාදනය සඳහා වන අඛණ්ඩ දායකත්වය ප්‍රදර්ශනය කර තිබෙනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය “මැගී, මයිලෝ සහ නෙස්ටමෝල්ට් වැනි ගෘහස්ථ සන්නාමයන් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව තුළ වසර 120කට ආසන්න දිගු කාලීන පැවැත්මක් තහවුරු කිරීමට නෙස්ලේ ලංකා සමත්ව සිටිනවා. එමෙන්ම තිරසාරත්වය වෙනුවෙන් 2050 වන විට කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතනයක් ලෙසද එය පෙන්වා දිය හැකියි.

නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා අදහස් දක්වමින් “වසර 118ක අධික දේශීය ව්‍යාපාරික මෙහෙයුම් තුළ රසවත් හා ගුණවත් තේරීමක් සමඟින් දේශීය ප්‍රජාවන් වෙත දායකත්වය ලබා දෙමින් හරිත හා පිරිසිදු ශ්‍රී ලංකාවක් තුළින් මෙරට ජනතාවට හරවත් බලපෑමක් ඇති කිරීමේ අපගේ කැපවීම යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වී තිබෙනවා. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ජනනය වන කාබන් විමෝචනය අවම කිරීමට උපකාරී වන ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකි මෙම biomass බොයිලේරුව 2050 වන විට කාබන් විමෝචනය අවම කිරීමේ අපගේ උත්සාහයට සුවිසල් දායකත්වයක් දක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. දේශීය වශයෙන් යොදා ගත හැකි biomass සඳහා අවස්ථාවක් නිර්මාණය කරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විදේශික තෙල් ආනයනය කිරීමේ අවශ්‍යතාව අඩු කිරීමටද හැකියාව උදා වන බව සතුටින් සඳහන් කළ හැකියි යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT