ගොවිලැබ් කෘෂි – තාක්ෂණික පුනරුද වැඩසටහනේ කලාපීය ආදර්ශ දිනය පසුගියදා අනුරාධපුර ගොවිපල යාන්ත්‍රික පුහුණු මධ්‍යස්තානයෙදී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාව සඳහා ගොවීන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශ නියෝජිතයින් ඇතුලු 3000කට අධික පිරිසක් එක්ව සිටියහ. එහිදී ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විසින් හඳුන්වා දෙනු ලැබූ නව කෘෂි තාක්ෂණ විසඳුම් 10ක් දැකබලා ගැනීමේ අවස්ථාවද ඔවුන්ට හිමි විය.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය – ආචාර්ය සුසිල් රණසිංහ මහතා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය – ඉංජිනේරු. එරංග වීරරත්න මහතාද එක්විය. ආචාර්ය සුසිල් රණසිංහ මහතා කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේදී මේ ආකාරයේ වැඩසටහන්වල වැදගත්කම අවධාරණය කළේය.
GoviLab AgriTech Accelerator යනු බිම් මට්ටමේ කෘෂි ප්‍රජාවන් සමඟ ගැඹුරු බැඳීමක් ඇති ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවර්ධන සංවිධානයක් වන සර්වෝදය සමඟ එක්ව, රටේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව කේන්ද්‍රස්ථානය වන Hatch ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද පෙරළිකාර මුලපිරීමකි. එය Gates පදනමේ සහාය ඇති IDAT (Inclusive Digital Agriculture Transformation) ව්‍යාපෘතියේ කොටසකි.
Hatch හි ප්‍රධාන විධායක නිලධාරී – මෙවන් පීරිස් මහතා අදහස් දක්වමින්, “ලෝක මට්ටමේ කෘෂි තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට දක්ෂතා සහ හැකියාවක් ඇත. අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ එක්ව කෘෂිකාර්මික අංශයේ විප්ලවයක් ඇති කිරීමට උත්සාහ කරන අපගේ බලාපොරොත්තුව වන්නේ මෙම විසඳුම් ජාතික මට්ටමින් පරිමාණය කළ හැකි අතර ඵලදායිතාව සහ තිරසාරත්වය වැඩිදියුණු කිරීම සඳහා මෙවලම්වලින් කුඩා වතු ගොවීන් සවිබල ගැන්වීමයි.
ගොවිලැබ් පුනරුද වැඩසටහනේ පළමු කණ්ඩායම විසින් වැඩිදියුණු කරන ලද නවෝත්පාදනයන් අතරට වී සහ පොල් වගාවන් ස්වයංක්‍රිය හා දියුණු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය, කෘෂිකාර්මික යෙදවුම් හා හරිතාගාර කළමනාකරණය වෙනුවෙන් සංවේදක තාක්ෂණය යොදා ගැනීම, දේශීය බීජ පැළ කිරීමේ යන්ත්‍ර, කුඩා පරිමාණ කජු සැකසුම් ඒකක හා ගොවිපොළ කළමනාකරණ සහාය, ව්‍යාප්ත කිරීමේ සේවා හා වෙළෙඳපොළ ප්‍රවේශය සඳහා වන ජංගම හා වෙබ් අඩවි පදනම් කරගත් වේදිකාවන් ඇතුළත් විය.
මෙහිදී අදහස් දැක්වූ සර්වෝදය සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා පැවසුවේ “කෘෂිකර්මාන්තය කර්මාන්තයක් පමණක් නොවන බවයි. එය ජීවන මාර්ගයකි – ජාතීන් පෝෂණය කරන, ආර්ථිකයන් පවත්වා ගෙන යන සහ පරම්පරාවන් පෝෂණය කරන ජීවනාලයකි. වේගයෙන් පරිණාමය වන ලෝකයේ, අපේ ගොවීන් මඟ නොහැරෙන බවට අපි සහතික විය යුතුයි. නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම තුළින් අපි අපගේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කරනවා පමණක් නොව සැමට තිරසාර සහ ඔරොත්තු දෙන අනාගතයක් සුරක්ෂිත කරනවා.”
මෙම අවස්ථාවෙහි නව නිෂ්පාදනයන්හි ආදර්ශන දැකබලා ගැනීමේ අවස්ථාව, අන්තර්ක්‍රියාකාරී දැනුම බෙදාගැනීමේ සැසිවාරයන් සහ ගොවීන් මෙම තාක්‍ෂණයන් ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම්වලට ඒකාබද්ධ කිරීම දැකබලාගත හැකි විය. මෙම අවස්ථාවට එක් වූ ගොවීන් ඵලදායීතාව ඉහළ නැංවීම, වියදම අඩු කිරීම හා පසු අස්වනු පාඩු අවම කර ගැනීම සඳහා මෙම විසඳුම් භාවිත කිරීමේ හැකියාව පිළිබඳ සතුට පළකර සිටියහ. බොහෝ දෙනා පවසා සිටියේ කෘෂිකාර්මික අංශයේ දිගුකාලීන අභියෝග ජය ගැනීම සඳහා මෙවැනි විසඳුම් උපකාර වන බවයි. ගොවිලැබ් වැඩසටහන මෙම විසඳුම් ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ ව්‍යාප්ත සේවා සමඟ එක්කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමද විශේෂත්වයකි.