Home » කැලණි කේබල් වෙතින් විදුලි කාර්මිකයන්ට දැනුම

කැලණි කේබල් වෙතින් විදුලි කාර්මිකයන්ට දැනුම

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

දශක දෙකහමාරකට වැඩි ඉතිහාසයක් තිබෙන කැලණි කේබල් ආයතනය දිවයින පුරා විසිරී සිටින විදුලි කාර්මික ශිල්පීන් හට නවීන තාක්ෂණය හා ආරක්ෂිත විදුලි කාර්මික ශිල්පය පිළිබඳව දැනුම්වත් කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන් පවත්වයි. නවීන තාක්ෂණය උපයෝගී කරනගෙන ආරක්ෂිතව විදුලිකාර්මික ශිල්පය හැදෑරීමේ සමාජ සත්කාරක වැඩසටහන්හි 350 වැනි වැඩසටහන කළගෙඩිහේන LASGOW හෝටලයේදී පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිල්පයේ නිරත කාර්මික මහතුන් 75 දෙනෙකු සඳහා පුහුණු වැඩමුළුවක් පැවැත්වූහ.

”රැකියාවේ ආරක්ෂාව සැමදාටම” යන තේමාව යටතේ තම ආයතනයේ විදුලි කාර්මික විශේෂඥයකු ඉතා ආරක්ෂිතව නවීන කාර්මික ශිල්පයේ නිරතවිය යුතු ආකාරය පිළිබඳව පොත පතේ දැනුම හා කාර්මික පුහුණුවද මෙහිදී ලබාදුන් බව ද කැලණි කේබල් ආයතනයේ සන්නාම කළමනාකරු කස්සප යටවත්ත මහතා පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කැලණි කේබල් ආයතනයේ අලෙවි ඉංජිනේරු ඉසුරු ප්‍රසාද් මහතා,

පුරා වසර දෙකහමාරකට අධික කාලයක් කැලණි කේබල් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විදුලි කාර්මික ශිල්පීන් එකතු කරලා හදලා තිබෙන ඉලෙක්ට්‍රීෂියින් කලබ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකේ තිබෙන නවීන කාක්ෂණය ශ්‍රී ලංකාවේ විදුලි කාර්මික ශිල්පීන්ට ලබාදීමයි. ඒ සඳහා හොඳ පුහුණුවක් ලබාදීමයි. දිගටම මේ විදුලි කාර්මික ශිල්පීන්ට නවීන තාක්ෂණය ලබාදීම තුළින් ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත නවීන තාක්ෂණයෙන් යුතු මනා පුහුණුවකින් යුත් විදුලි කාර්මික ශිල්පීන් බිහිකළ හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT