Wednesday, April 23, 2025
Home » වසර 07කට පසු කළමනාකරණ නිලධාරීන් බඳවාගැනීමක්

වසර 07කට පසු කළමනාකරණ නිලධාරීන් බඳවාගැනීමක්

by chanaka
March 7, 2025 12:08 pm 0 comment

වසර 07 කට පසුව කළමනාකරණ නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බන්ඩාර මහතා සඳහන් කළේ ඒ අනුව මැයි මාසයේ ඒ සඳහා විවෘත තරග විභාගයක් පැවැත්වෙන බවයි.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගයට ඉදිරිපත් කළ අයැදුම්පත් අනුව විභාගය පැවැත්වෙනු ඇත.

ඒ සඳහා අයදුම්පත් එක් ලක්ෂ 30000 කට අධික සංඛ්‍යාවක් යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

විභාගයේ ප්‍රතිඵල මත 2200 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතය.

මේ වනවි කළමණාකරණ නිලධාරි පුරප්පාඩු 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

අවසන් වරට කළමණාකරණ නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනුණේ 2018 වසරේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT