Home » සෙලෙන්ස්කි ලබන සතිය ගැන ‘අර්ථවත්’ බලාපොරොත්තුවක

සෙලෙන්ස්කි ලබන සතිය ගැන ‘අර්ථවත්’ බලාපොරොත්තුවක

by chanaka
March 7, 2025 12:02 pm 0 comment

අමෙරිකා සහ යුක්‍රේන නියෝජිතයින් අතර ලබන සතියේ දී සාම සාකච්ඡා සදහා සෞදි අරාබියේදී හමුවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ එම සාකච්ඡා “අර්ථවත් හමුවක්” වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ගල්ෆ් රාජධානියේ සංචාරයක යෙදී සිටින බැවින් සාකච්ඡාවලට සහභාගී නොවන යුක්‍රේන නායකයා, “වේගවත් හා කල් පවතින” සාමයක් කරා ළඟා වීමට කටයුතු කරන බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට උත්සාහ කිරීම සඳහා සාමය සඳහා “රාමුවක්” සාකච්ඡා කිරීමට අමෙරිකානු කණ්ඩායමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා තිබේ.

පසුගිය සිකුරාදා, සෙලෙන්ස්කි සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේදී උණුසුම් වචන හුවමාරුවකට පැටලුණි. එම අවස්ථාවේදී ට්‍රම්ප් පැවසුවේ සෙලෙන්ස්කිට පවතින සටන අවසන් කිරීමට සූදානම් නොමැති බවයි.

අනතුරුව අමෙරිකාව, යුක්‍රේනයට හමුදා ආධාර අත්හිටුවා යුක්‍රේනයට සිදු කරන බුද්ධි තොරතුරු බෙදා ගැනීම ද නතර කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT