Home » වසර 58කට පසු ශ්‍රී ලංකා­වට ආසි­යානු බොක්සිං තර­ගා­ව­ලි­යක්

වසර 58කට පසු ශ්‍රී ලංකා­වට ආසි­යානු බොක්සිං තර­ගා­ව­ලි­යක්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

ෆවුස් මොහො­මඩ්

වසර 58කට පසු පළමු වතා­වට ආසි­යානු ශූර­තා­ව­ලි­යක් පැවැ­ත්වීමේ ඓති­හා­සික අව­ස්ථා­වක් ශ්‍රී ලංකා­වට උදාවී තිබේ. ලබන මැයි මස 10 වැනිදා සිට 24 දක්වා සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩා සංකී­ර්ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති ආසි­යානු බොක්සිං සම්මේ­ල­නයේ අවු­රුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූර­තා­ව­ලිය ඉති­හා­ස­යට එක්වනු ඇත්තේ 1967 වසරේ කොළඹ පැවැති තුන්වැනි ආසි­යානු බොක්සිං ශූර­තා­ව­ලි­යෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන පළමු ආසි­යානු බොක්සිං ශූර­තා­ව­ලිය ලෙසය. එමෙන්ම අවු­රුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූර­තා­ව­ලි­යක් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන පළමු අව­ස්ථාව ලෙසත් එය ඉති­හා­ස­ගත වනු ඇත.

ශ්‍රී ලංකා බොක්සිං ආය­ත­නය සහ ආසි­යානු බොක්සිං සම්මේ­ල­නය එක්ව පව­ත්වනු ලබන අවු­රුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූර­තා­ව­ලිය සඳහා එම සම්මේ­ල­නයේ ලියා­ප­දිංචි රට­වල් 43ක් අතු­රින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 400-600ක් අතර ප්‍රමා­ණ­යක් සහ­භාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා බොක්සිං ආය­ත­නයේ සභා­පති අනු­රුද්ධ ශානක බණ්ඩාර මහතා ‘දින­මිණ’ට පැව­සීය. ශ්‍රී ලංකා බොක්සිං ආය­ත­නයේ සභා­පති ධුර­යට පත්ව මාස අටක් වැනි කෙටි කාල­ය­කදී ආසි­යානු ශූර­තා­ව­ලි­යක් මෙරට පැවැ­ත්වී­මට හැකි­යාව ලැබීම සතු­ටට කරු­ණක් බවත්, එම අව­ස්ථාව උදා වූයේ එළි­ම­හන් බොක්සිං තරග පැවැ­ත්වීමේ සිය සංක­ල්පය පිළි­බඳ ආසි­යානු සම්මේ­ල­නයේ ඇගැ­යී­මට ලක්වීම බවත් ඔහු කීවේය.

කොළඹ සහ මහ­නු­වර කේන්ද්‍ර කර­මින් බොක්සිං ආය­ත­නය පසු­ගි­යදා පැවැත්වූ එළි­ම­හන් බොක්සිං තර­ගා­ව­ලිය නැර­ඹීම සඳහා ආසි­යානු සම්මේ­ල­නයේ නියෝ­ජි­ත­යන් ද පැමිණ සිටි බව සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT