Sunday, April 20, 2025
Home » ශූර­යන්ට ලක්ෂ 10ක් පිරි­න­මන ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු තර­ගා­ව­ලි­යට අය­දු­ම්පත්

ශූර­යන්ට ලක්ෂ 10ක් පිරි­න­මන ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු තර­ගා­ව­ලි­යට අය­දු­ම්පත්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

කරු­ණා­රත්න ලිය­නගේ

සෝන්ඩර්ස් ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු සමා­ජය සංවි­ධාන කරන පාපන්දු ක්‍රීඩා­වට දැඩි ලෙස ඇලුම් කළ කොළඹ කරු­ණා­රත්න ලිය­නගේ (පාල) අනු­ස්ම­රණ කුස­ලාන අවු­රුදු 40න් ඉහළ පාපන්දු තර­ගා­ව­ලිය මැයි මස 17 හා 18 ගුණ­සිං­හ­පුර ප්‍රයිස් පාක් පිටි­යේදී පැවැත්වේ.

ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු තර­ගා­වලි ඉති­හා­සයේ වැඩිම තෑගි පිරි­නැ­මෙන මේ තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගන්නා කණ්ඩා­ය­මට රුපි­යල් ලක්ෂ 10ක්, අනු­ශූ­ර­තා­වට රුපි­යල් ලක්ෂ 5ක් හා තෙවැනි ස්ථාන­යට රුපි­යල් ලක්ෂ­යක් පිරි­නැ­මී­මට කට­යුතු යොදා ඇත.

එ‍මෙන්ම හොඳම ගෝල් කීපර්ට හා දක්ෂ­තම පාපන්දු ක්‍රීඩ­ක­යාට රුපි­යල් 25000 බැගින්, අව­සන් තර­ගයේ වීර­යාට රුපි­යල් 15000ක් පිරි­නැමේ. තර­ගා­ව­ලිය සඳහා කණ්ඩා­යම් ලියා­ප­දිං­චිය ආරම්භ කර ඇති හෙයින් 0772963039 – දිල්ෂාන් අම­තන ලෙස ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT