ශ්‍රී ලංගම රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11ක් තුළ විවිධ වූ කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා බස් රථ 170ක් පමණ ඩිපෝවල ගාල්කොට ඇතැයි ශ්‍රිලංගම රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු උපුල් චන්දන මහතා පවසයි.
මෙයින් බස්රථ 120ක් පමණ අලුත්වැඩියාකිරීමෙන් පසු යළි ධාවනයට එක්කළ හැකි බව ද හෙතෙම පවසයි.
අමතර කොටස් නොමැතිවිම, අමතර කොටස් මිලදී ගැනීමේදී ඇතිවන මූල්‍ය ගැටලු , නිලධාරීන්ගේ කඹ ඇදීම්, ප්‍රසම්පාදන කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් ආදී හේතු නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රීලංගම රුහුණු ප්‍රාදේශිකයට අයත් බස්රථ ඇණියේ බස්රථ 665ක් තිබෙන බවත් ධාවන කාලසටහන් අවශ්‍යතාව අනුව බස්රථ 713ක් පමණ අවශ්‍යව ඇති බවත් සඳහන් කළ ශ්‍රීලංගම කළමනාකාරවරයා දිනපතා ධාවනය වන්නේ බස්රථ 450ක් සහ 490ක අතර සංඛ්‍යාවක් බව ද පැවසීය.
මේ වනවිට රුහුණු ප්‍රාදේශිකයේ දෛනික ආදායම රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් බව ද උපුල් චන්දන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.