Home » ශ්‍රීපාද රක්ෂි­තයේ ගස් කප­මින් සිටි දෙදෙ­නෙක් මාට්ටු

ශ්‍රීපාද රක්ෂි­තයේ ගස් කප­මින් සිටි දෙදෙ­නෙක් මාට්ටු

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

හැටන් මධ්යම විශේෂ

ශ්‍රීපාද රක්ෂි­තය තුළ අන­ව­ස­ර­යෙන් නීති විරෝධී ලෙස ගස් කප­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙ­නකු නල්ල­ත­න්නිය වන­ජීවී කාර්යා­ලයේ නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මේ පිළි­බ­ඳව කරන ලද විම­සී­ම­කදී අද­හස් දැක්වූ නල්ල­ත­න්නිය වන­ජීවී කාර්යා­ලයේ නිල­ධා­රි­යකු පව­සන ලද්දේ ශ්‍රීපාද රක්ෂි­ත­යට ඇතුළු වී කිසිදු අව­ස­ර­ය­කින් තොරව නීති විරෝධී ආකා­ර­යෙන් ගස් කප­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙ­නකු පෙරේදා (04) අත්අ­ඩං­ගු­වට ගත් බවයි.  වයස අවු­රුදු 35-38ත් අතර වය­ස්වල පසු­වන මෙම දෙදෙනා නල්ල­ත­න්නිය වතු­යායේ පදිං­චි­ක­රු­වන් බවත් නල්ල­ත­න්නි­යට ශ්‍රීපාද මාර්ගයේ තාව­කා­ලික වෙළෙ­ඳ­ස­ලක් ඉදි කිරීම සඳහා මෙම ගස් කැපීම සිදු කර­න්නට ඇතැයි සැක සිතන බවද එම නිල­ධා­රියා පැව­සීය.

මෙම දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් ශ්‍රීපාද රක්ෂි­තයේ ගස් දෙකක් කපා ඇති බවත් අත්අ­ඩං­ගු­වට ගත් එම දෙදෙනා හැටන් දිසා මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT