මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ඇති කල්ලඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ හෝටල්, අවන්හල්, ස්නැක් බාර්, සිල්ලර වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වල පසුගියදා සිදු කරන ලද දැවැන්ත හදිසි සෝදිසි කිරීමක දී ව්‍යාපාරික ස්ථාන 20ක් පරීක්ෂා කර ඇති අතර වෙළෙඳුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මුරලීස්වරන් මහතාගේ උපදෙස් පරිදි සහ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඊ. උදයකුමාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ, මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒකකවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් සිදු කළහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදන අලෙවි කළ, හානි වූ, කල් ඉකුත් වූ, ප්ලාස්ටික් බහාලුම්වල ආහාර නිෂ්පාදන අලෙවි කළ සහ ලේබල් ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් හය දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී.
පැය 5 ක් පමණ පැවති මෙම වැටලීම්වලින් පසුව, මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ, සහ කල් ඉකුත් වූ ආහාර නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළේය.