Monday, April 21, 2025
Home » සෝමාවතිය රක්ෂිතයේ මුවකු මරා විකුණන්න හැදූ අයෙක් කොටු

සෝමාවතිය රක්ෂිතයේ මුවකු මරා විකුණන්න හැදූ අයෙක් කොටු

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

ඇළහැර - සරත් වෙලගෙදර

සෝමාවතිය රක්ෂිතයේ මුවකු මරා මස් අලෙවි කිරීමට යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයකු, මුව මස් කිලෝ 10ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, හිස් පතරොම් දෙකක් හා යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් පුද්ගලයා සමඟ යතුරුපැදියේ පිටුපස පැමිණි තඹාල ගම්මානයේ පදිංචි අයකු වැටලීම සිදුකළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගිය බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු කීවේය. මෙම පුද්ගලයන් රක්ෂිත තුළට ගොස් සතුන් දඩයම් කරන පුද්ගලයන් බවත්, වන සතුන් මරා මස් අලෙවි කරන දඩයම්කරුවන් බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයා පුලස්තිගම පොලීසියේ සැරයන් (50467) නන්දනසිරි මහතා විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 1 මහේස්ත්‍රාත් යූ.ඒ.එස්. ක්‍රිෂාන් වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා හා සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරුල් යන මහතුන්ගේ උපදෙස් පරිදි පුලස්තිගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.ඩී.ඩී.ඩයස්, පො.සැ. (10568) ජයකොඩි, (63739) රංජන්, (63949) විජේතුංග, සිවිල් ආරක්ෂක (61903) රණසිංහ යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT