30
අකුරැස්ස හා තදාසන්න ප්‍රදේශවල රාත්‍රී කාලයේදී ගව සොරකම් බහුලව සිදුවන බව කිරි ගොවියෝ පෙන්වාදෙති. මාරඹ, ඇල්ලවෙල ප්‍රදේශයේදී ඉකුත් 3 වැනිදා රාත්‍රියේ එළදෙනකු සහ පැටියකු සොරකම් කර ඇතැයි ගව හිමියෝ අකුරැස්ස පොලීසිය වෙත පැමිණිලි කර තිබූණහ. ඉකුත්දා අකුරැස්ස පොලීසිය විසින් අකුරැස්ස ප්‍රදේශයේ කිරි ගොවීන් එක්රැස් කරමින් ඔවුන්ව දැනුම්වත් කිරීමට කටයුතු කරනු ලැබීය. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු, කිරි ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ක්ෂණික විසඳුම් ලබා දීමට පියවර ගත්හ.