අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අටදෙනාට එරෙහිව පවරා තිබෙන නඩුව මහර අංක 1 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ පෙරේදා (4) කැඳවූ අවස්ථාවේ එය ලබන ජූලි මස 15 වැනිදා දක්වා කල් තැබීය.
මීට ඉහත නඩු දිනවලදී ඇතැම් සිසුන් අසනීප වීම් හා විභාග හේතුවෙන් අධිකරණයට පැමිණ නොසිටි අතර, මෙදින සැකකාර සිසුන් අටදෙනාම අධිකරණයට පැමිණ සිටි නිසා මීළඟ නඩු දිනය මෙසේ දන්වා කල් තැබීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රන්කරව්වේ ජිනරතන හිමි, නුවන් ලහිරු හේමන්ත, බී.බී. වික්‍රමතුංග, පී.එම්. සේනාල් ධනුසා නෙත්මිණ, නිමේෂ් දිල්ශාන් බණ්ඩාර, කේ.එස් පී. කලුආරච්ච් හා නලින් කුමාර ජයරත්න යන අටදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.
රක්ෂිත බන්ධනාගාරයේ සිටි කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනකු නිදහස් කරන ලෙසට ඉල්ලා 2023 වසරේ මැයි මස 18 වැනිදා රාත්‍රියේ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේදී මෙම සිසුන් අටදෙනා කිරිබත්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදාහැර තිබිණි.
කිරිබත්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු මෙම නඩුව මෙහෙයවූහ.