Monday, April 21, 2025
Home » පැහැර ගැනීමකට රිමාන්ඩ් කර සිටි වැලිවේරිය පොලීසියේ දෙන්නා ඇතුළු 3කට ශරීර ඇප

පැහැර ගැනීමකට රිමාන්ඩ් කර සිටි වැලිවේරිය පොලීසියේ දෙන්නා ඇතුළු 3කට ශරීර ඇප

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

ගම්පහ අධිකරණ

පුද්ගලයකු පැහැරගෙන ගොස් ගිනි අවියක් පෙන්වා මුදල් හා දේපළ කොල්ලකෑමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය වසරේ නොවැම්බර් මස 6 වැනි දින සිට අධිකරණ නියෝගයකින් රිමාන්ඩ් භාරයේ සිටි වැලිවේරිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා ඇතුළු තවත් අයකු ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා විසින් රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් හා ලක්ෂ දහය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

මෙහිදී සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට හා විදේශ ගමන් තහනමකට යටත් කිරීමට ද විනිසුරුවරයා ඔවුන්ට ඇප කොන්දේසියක් පැනවීය. උප පොලිස් පරීක්ෂක චතුරංග දිසානායක, කොස්තාපල් තරංග චමිල කුමාර හා නිශාන්ත දමින්ද මාල් යන තිදෙනා මෙසේ ඇප මත මුදාහැරිණි. ජනාධිපති නීතිඥ සුමිත් සේනානායක මහතා සමඟ නීතිඥ නිසැලී බාලචන්ද්‍ර මෙනෙවිය විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. රජයේ අධි නීතිඥ ප්‍රභාත් දිසානායක මහතා, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල ගොනුකොට තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT