රුපියල් කෝටි ගණනක් වැය කර සංවර්ධනය කළ මාර්ගයේ පදිකයන් සඳහා යෑමට දෙපස තිබෙන පදික වේදිකා කොටසට අටලුගම ජනතාව තම පෞද්ගලික මුදලින් කොන්ක්‍රීට් යොදා මාර්ගය දෙපස කැඩීයාමට ඉඩ නොදී ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
මාර්ග සංවර්ධනය සඳහා රජය රුපියල් කෝටි ගණන් වැය කළද ඒවා නිසි නඩත්තුවක් නොවීම හේතුවෙන් ඉතා කෙටි කලකින් පෙර තිබූ තත්ත්වයටම පත්වන අයුරු අප දැක ඇත. 16,000කට අධික මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන අටුලුගම ප්‍රදේශයේ බණ්ඩාරගම, අලෝතියාවේ සිට අටුලුගම, බමුණුමුල්ල දක්වා පා ගමනින්වත් යානොහැකි ලෙස එම මාර්ගය වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පැවතිණි. ඊට පිළියමක් ලෙස අලෝතියාවේ සිට අටුලුගම, බමුණුමුල්ල දක්වා මාර්ගය කාපට් යොදා රජය මඟින් සංවර්ධනය කෙරිණ.
එසේ කාපට් යෙදූ මාර්ගවල පැති ආරක්ෂාව උදෙසා ප්‍රදේශවාසීන් එක්ව මෙසේ කොන්ක්‍රීට් යොදා තිබිණි.