Home » පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

වර්ජනයක් නෑ: වැඩට එන්න

ඇමැති නලින්ද ජයතිස්ස

පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන්ට දැනෙන වැටුප් වැඩි කිරී­මක් ලබාදී තිබි­ය­දීත් වැඩ වර්ජ­න­ය­කට යාම සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ අත්‍ය­වශ්‍ය සේවාව වැඩ වර්ජ­න­ය­න්ගෙන් තොරව රෝගීන්ට ලබා­දෙන ලෙස ඉල්ලී­මක් කරන්නේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (05) පැව­සීය.

කිසි­යම් වෘත්තීය සංගම් නාය­ක­යෙක් හෝ කිහි­ප­දෙ­නෙක් එක්ව වැටුප් වැඩි වීම විකෘති කර පෙන්වා පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන් අතර යම් කැළ­ඹි­ලි­කා­රි­ත්ව­යක් ඇති කිරී­මට උත්සාහ කරන්නේ නම් ඊට සෙසු වෘත්ති­ක­යන් නොරැ­ව­ටිය යුතු යැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මෙම වැටුප් වැඩි වීම තුළ සාමාන්‍ය පරිදි රාජ­කා­රි­යට වාර්තා කරන ලෙසත් සාකච්ඡා මාර්ග­යෙන් ගැටලු විස­ඳා­ගත හැකි බවත් පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන්ට දැනුම් දෙන බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන් අද (06) පැවැ­ත්වී­මට නිය­මිත වෘත්තීය ක්‍රියා­මා­ර්ගය සාධා­රණ නොවන බවට කරුණු ඉදි­රි­පත් කර­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය කණ්ඩා­යම් වර්ජ­න­යන්ට යාමට උත්සාහ කර­නවා. අද දිනයේ දී වෛද්‍ය­ව­රුන් වැඩ වර්ජ­න­යක් කරන බවට ප්‍රකාශ කළත්, ඊයේ සාක­ච්ඡා­වෙන් පසුව එය අත­හැ­රියා. ඒ නිසා රෝගීන්ට නිසි ලෙස සෞඛ්‍ය ප්‍රති­කාර ගන්න පුළු­වන් වුණා. අද මා මේ කතා කරන දේ සමාජ ආර­ක්ෂ­ණය කියන මාතෘ­කා­ව­ටත් වැද­ගත්. පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­යට අයත් කණ්ඩා­යම් 7ක් සිටි­නවා. ඖෂ­ධ­වේ­දීන්, වෛද්‍ය රසා­ය­නා­ගාර තාක්ෂ­ණ­වේ­දීන්, විකි­රණ ශිල්පීන්, වෘත්තීය චිකි­ත්සක, භෞත චිකි­ත්සක, කථන චිකි­ත්සක, ශ්‍රව්‍ය චිකි­ත්සක ඒ අතර සිටි­නවා. මෙරට ඖෂ­ධ­වේ­දීන් 1982ක් සිටි­නවා. වෛද්‍ය රසා­ය­නා­ගාර තාක්ෂ­ණ­වේ­දීන් 2031ක්, විකි­රණ ශිල්පීන් 670ක්, භෞත චිකි­ත්ස­ක­යින් 635ක්, වෘත්තීය චිකි­ත්ස­ක­යින් 92ක්, කථන චිකි­ත්ස­ක­යින් 135ක් සිටි­නවා. ඒ අනුව 5545ක් පමණ පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන් රටේ සේවය කර­නවා. මේ සේවාව සෞඛ්‍ය සේවා­වන් පව­ත්වා­ගෙන යාමට අති­ශය වැද­ගත්. රෝග පරී­ක්ෂ­ණ­ව­ලට, ප්‍රති­කා­ර­ව­ලට, පුන­රු­ත්ථා­පන කට­යු­තු­ව­ලට විවිධ වයස් මට්ට­ම්ව­ලදී රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍ය­ස්ථා­න­ව­ලදී මේ නිල­ධා­රීන්ගේ සේවාව අව­ශ්‍ය­යයි. දැනට සිටින වැඩි­පුර සංඛ්‍යා­වක් ඩිප්ලෝ­මා­ධා­රීන්. එය උපා­ධිය දක්වා පරි­ව­ර්ත­නය කර තිබෙ­නවා. අනා­ග­තයේ දී මේ ක්ෂේත්‍රයේ සිටින සිය­ලු­දෙනා උපා­ධි­ධා­රීන් බවට පත්වෙ­නවා. ඔවුන් විශේෂ පුහු­ණු­වක් ලැබූ­වන්. පසු­ගිය කාලයේ දී මෙරට ආර්ථික අර්බු­දය පව­තින විට ආර්ථික අමා­රු­කම් දරා­ගෙන රෝහ­ල්වල තිබෙන අඩු පහ­සු­කම් යටතේ මේ අය විශාල සේවා­වක් ලබා­දුන්නා. ඔවුන්ගේ තිබෙන විශේෂ පුහු­ණුව නිසාම ඕනෑම අව­ස්ථා­ව­කදී ඔවුන්ට විදේශ රැකි­යා­වන්ට පවා යොමු විය හැකියි. ඒ නිසාම අපේ රජය කල්පනා කළා, මේ වෘත්ති­ක­යන් ද සමස්ත රාජ්‍ය සේව­ක­යන් මෙන්ම මේ රටේ රඳවා ගැනී­මට දැනෙන වැටුප් වැඩි­වී­මක් ලබා­දිය යුතුයි කියලා. ඒ අනුව පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන් සඳහා ක්ෂේත්‍ර 5ක් ඔස්සේ ඔවුන්ගේ වැටුප් වැඩි කර තිබෙ­නවා.

පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන්ගේ මූලික වැටුප් වැඩි වීමක් සිදු කර තිබෙ­නවා. ඒ වැඩි කිරීම කවු­රුත් ඉල්ලූ දෙයක් නොවේ. ඉති­හා­සයේ පෙර නොවූ විරූ දැනෙන මූලික වැටුප් වැඩි වීමක් ලබා­දෙන්න අපේ ආණ්ඩුව කට­යුතු කර­නවා. ඒ අනුව පරි­පූ­රක වෛද්‍ය වෘත්තියේ තුන්වැනි ශ්‍රේණියේ නිල­ධා­රීන් 1200ක්, දෙවැනි ශ්‍රේණියේ 1250ක්, පළමු ශ්‍රේණියේ 1200ක් පමණ සිටි­නවා. තුන්වැනි ශ්‍රේණි­යට අයත් පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යෙක් දැන් ලබන මූලික වැටුප වන්නේ රුපි­යල් 32,080 යි. එය රුපි­යල් 54,120 දක්වා අපි වැඩි කර­නවා. ඒ අනුව රුපි­යල් 22,040 කින් වැටුප් වැඩි­වෙ­නවා. තුන්වැනි ශ්‍රේණියේ වසර ගණ­නා­වක් සේවය කළ 34305ක මූලික වැටු­පක් ලබ­නවා නම් ඒ අයගේ මූලික වැටුප රුපි­යල් 58120 දක්වා රුපි­යල් 23815කින් වැඩි වෙනවා. තුන්වැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨම අයෙ­කුට දැන් රුපි­යල් 36530ක මූලික වැටු­පක් ලබන අයෙ­කුට එය රුපි­යල් 62120 දක්වා රුපි­යල් 25590 කින් වැඩි වෙනවා. රුපි­යල් 22,000 සිට 25,000 දක්වා දැනෙන ලෙස වැටුප් වැඩි වීමක් ලබා දී තිබෙ­නවා. දෙවැනි ශ්‍රේණියේ දැන් සිටින අයෙක් ගන්නා මූලික වැටුප රුපි­යල් 37190ක මුදල රුපි­යල් 63310ක් ලෙස රුපි­යල් 26120කින් වැඩි වෙනවා. දෙවැන් ශ්‍රේණියේ සිටින අයෙක් දැන් ගන්නා රුපි­යල් 40490ක මූලික වැටුප රුපි­යල් 69260දක්වා රුපි­යල් 28770කින් වැඩි වෙනවා. දෙවැනි ශ්‍රේණියේ අයෙක් දැන් රුපි­යල් 43790ක මූලික වැටු­පක් ගන්න කෙනෙක්ට 75210ක් දක්වා රුපි­යල් 31420කින් වැඩි වෙනවා. පළ­මු­වැනි ශ්‍රේණියේ සිටින රුපි­යල් 44520ක මූලික වැටු­පක් ගන්න කෙනෙ­කුට රුපි­යල් 76530ක් ලෙස රුපි­යල් 32010ක වැටුප් වැඩි වීමක් වෙනවා. දැන් රුපි­යල් 48170ක මූලික වැටු­පක් ගන්න අයෙක්ට රුපි­යල් 83130ක් දක්වා වැඩි වෙනවා. එය රුපි­යල් 34960කින් වැඩි වෙනවා. රුපි­යල් 52590ක මූලික වැටු­පක් ලබන කෙනෙක්ට රුපි­යල් 91110ක වැටුප් වැඩි වීමක් වෙනවා. එය රුපි­යල් 38520කින් වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ ඉහ­ළම සිටින කෙනෙක් රුපි­යල් 58590ක මූලික වැටු­පක් ලබන අතර එය රුපි­යල් 101910ක් දක්වා වැඩි වෙනවා. ඒ අනුව රුපි­යල් 43320කින් ඔවුන්ට වැටුප් වැඩි වෙනවා.

අර­ග­ල­ය­කින් තොරව ඔවුන්ට දැනෙන මූලික වැටුප් වැඩි වීමක් අපි සිදු කර තිබෙ­නවා. තුන්වැනි ශ්‍රේණියේ සිටින අයෙ­කුට රුපි­යල් 22,000කින් වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ ඉහ­ළම සිටින අයට රුපි­යල් 43,320කින් වැටුප් වැඩි­වෙ­නවා. ශ්‍රේණි­වල ඉහළ යාම අනුව ඒ ඒ ශ්‍රේණි­යට අදා­ළව වැටුප් වැඩි වීම සිදු වෙනවා. ඔවුන්ගේ අති­කාල රාජ­කාරී දීම­නාත් වැඩි කර තිබෙ­නවා. තුන්වැනි ශ්‍රේණියේ සිටින අයෙ­කුට පැය­කට දැන් ලැබෙන්නේ රුපි­යල් 210යි. එය 285ක් දක්වා වැඩි කර­නවා. දෙවැනි ශ්‍රේණියේ සිටින අයෙ­කුට දැන් ලැබෙන්නේ රුපි­යල් 250යි. එය රුපි­යල් 340ක් දක්වා වැඩි කර­නවා. පළමු ශ්‍රේණියේ සිටින අයෙ­කුට දැන් ලැබෙන්නේ රුපි­යල් 300යි. එය රුපි­යල් 415 දක්වා වැඩි කර­නවා. ඉහ­ළම ශ්‍රේණියේ සිටින අයෙ­කුට රුපි­යල් 345යි දැන් ලැබෙන්නේ. එය රුපි­යල් 495ක් දක්වා වැඩි කර­නවා. විශේෂ ශ්‍රේණියේ සිටින අයෙ­කුට දැන් ලැබෙන්නේ රුපි­යල් 390යි. එය රුපි­යල් 540 දක්වා වැඩි කර­නවා.

නිවාඩු දින දීම­නා­වත් වැඩි කර තිබෙ­නවා. දැන් රුපි­යල් 1604ක් ගන්නා තුන්වැනි ශ්‍රේණියේ අයෙ­කුට රුපි­යල් 1804ක් ලෙස රුපි­යල් 200ක් වැඩි වෙනවා. දෙවැනි ශ්‍රේණියේ සිටින අයෙක්ට දැන් ලැබෙන්නේ රුපි­යල් 1850යි. එය රුපි­යල් 2110 දක්වා රුපි­යල් 251කින් වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ අයෙ­කුට රුපි­යල් 2226ක් දැන් ලැබෙ­නවා. එය රුපි­යල් 2551ක් දක්වා රුපි­යල් 325කින් වැඩි කර­නවා. ඉහ­ළම ශ්‍රේණියේ සිටින අයෙක්ට දැන් ලැබෙන්නේ රුපි­යල් 2629යි. එය රුපි­යල් 3037 දක්වා රුපි­යල් 408කින් වැඩි කර­නවා.

සිය­යට 80කින් වාර්ෂික වැටුප් වර්ධ­කත් වැඩි කර තිබෙ­නවා. තුන්වැනි ශ්‍රේණියේ අයෙක්ට දැන් ලැබෙන්නේ රුපි­යල් 445යි. එය රුපි­යල් 800ක් කර­නවා. දෙවැනි ශ්‍රේණියේ අයෙක්ට දැන් ලැබෙන්නේ රුපි­යල් 660යි. එය රුපි­යල් 1190ක් දක්වා වැඩි කර­නවා. පළමු ශ්‍රේණියේ අයෙක්ට රුපි­යල් 730ක් දැන් ලැබෙ­නවා. එය රුපි­යල් 1320ක් දක්වා වැඩි කර­නවා. ඉහ­ළම ශ්‍රේණියේ සිටින අයෙක්ට දැන් ලැබෙන්නේ රුපි­යල් 750යි. එය රුපි­යල් 1350ක් දක්වා වැඩි කර­නවා.

මීට අම­ත­රව උප­යන විට බද්ද සංශෝ­ධ­න­යත් අපි කර තිබෙ­නවා. මෙප­මණ කාල­යක් දෙවැනි ශ්‍රේණියේ සිටින පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන්ට උප­යන බද්දක් ගෙවන්න වුණා. අපේ සංශෝ­ධන අනුව තුන්වැනි සහ දෙවැනි ශ්‍රේණි­වල අය මේ බද්දෙන් නිද­හස් වෙනවා. පළමු ශ්‍රේණියේ සිටින අයට සිය­යට 72ක බදු සහ­න­යක් ලබාදී තිබෙ­නවා. මේ මොහොතේ ආර්ථි­ක­යට දරා­ගත හැකි පැකේ­ජ­යක් පරි­පූ­රක වෛද්‍ය වෘත්ති­ක­යන්ට ලබාදී තිබෙ­නවා.


සතොස වෙළෙ­ඳ­සල් 417 තුළම මාළු අලෙ­විය අර­ඹ­නවා

නියෝජ්‍ය ඇමැති  රත්න ගමගේ

රට පුරා පිහිටි සතොස ආය­තන 417 තුළම මත්ස්‍ය අලෙ­වි­සල් ආරම්භ කිරී­මට රජය සැල­සුම් යොදා ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (05) පැව­සීය.

අය වැය තෙවැනි වර කිය­වීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

රට තුළ නිෂ්පා­දන ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මේදී ධීවර කර්මා­න්තය ඉහළ නැංවිය යුතුයි. නිෂ්පා­දන ආර්ථි­කය නමැති බත් හැළිය ඉද­වීම සඳහා වන ළිප් ගල් තුනෙන් එක් ළිප් ගලක් වනුයේ ධීවර, ජලජ හා සාගර සම්පත. ඒ අනුව ධීවර කර්මා­න්තය වැඩි­දි­යුණු කිරී­මට රජ­යෙන් ගත හැකි සියලු පිය­වර ගන්නවා. රුපි­යල් බිලි­යන 15ක් ධීවර කර්මා­න්තය දියුණු කිරී­මට වෙන් කර තිබෙ­නවා. ඒක පුද්ගල මත්ස්‍ය පරි­භෝ­ජ­නය දින­කට ඒකක 65ක් වෙන්න ඕන. මෙට්‍රි­ක්ටොන් 520,000 යි. පසු අස්වනු හානිය වැළැ­ක්වී­මට පිය­වර ගත යුතුයි. අයිස් ඒකා­ධි­කා­රය අපි කඩ­නවා. තාක්ෂ­ණය සමඟ සැල­සුම් සහ­ගත ඉදිරි ගම­නක් අපි ලෑස්ති කර­නවා. ඉන්ධන ගැට­ලුව ගැන කීවා. ඉන්ධන ලීටර් 30,000ක් ගහන යාත්‍රා අපි සතුව නැහැ. හැබැයි දිලිප් වෙද­ආ­රච්චි මහතා කීවා එහෙම යාත්‍රා තිබෙ­නවා කියලා. ලංකාවේ උප­රිම ධාරි­තාව තිබෙන යාත්‍රාව වන්නේ ලීටර් 16,000 යි. මයි­ලේට්ටි වරා­යට ඉන්දි­යානු ආධා­ර­යක් ලැබී තිබෙ­නවා. මෙරට ධීවර කර්මා­න්ත­යෙන් සිය­යට 25ක් සිටින්නේ උතුරේ. ඔවුන්ගේ සංව­ර්ධන කට­යු­තු­ව­ල­ටත් ආණ්ඩු­වෙන් සැල­සුම් යොදා තිබෙ­නවා.

ලංකා ධීවර සංස්ථාව මැදි­හත්ව සතොස ආය­තන 417ම මත්ස්‍ය අලෙ­වි­ස­ලක් ආරම්භ කර­නවා. ඒ සඳහා රජය සැල­සුම් යොදා තිබෙ­නවා. සමු­ප­කාර අමා­ත්‍යාං­ශය සමඟ එක්ව පෝට් සිටි ආය­ත­න­ව­ලත් ධීවර අලෙ­වි­සල් ස්ථාපිත කර­නවා. ගමට සමි­ති­යක් ආරම්භ කර­නවා. සමි­තිය මඟින් මිරි­දිය කර්මා­න්තය නඟා සිටු­වී­මට පිය­වර ගන්නවා. ඉස්සන් කර්මා­න්තය නඟා සිටු­වී­ම­ටත් පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා.


සාගර සම්පත දියුණු  කරන්න වෙනම සංස්ථා­වක් පිහි­ටු­වන්න

මන්ත්‍රී දිලිප් වෙද­ආ­රච්චි

වෙනම සංස්ථා­වක් යටතේ සාගර සම්පත වැඩි­දි­යුණු කළ යුතු බවට යෝජනා කරන්නේ යැයි සමගි ජන බල­වේ­ගයේ හම්බ­න්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද­ආ­රච්චි මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (05) පැව­සීය.

අය වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සු­වේය.

සාගර සම්පත, සාගර විශ්ව­වි­ද්‍යා­ලය ධීවර අමා­ත්‍යාං­ශ­යට එකතු කර ගැනීම සම්බ­න්ධ­යෙන් මම ආණ්ඩු­වට ස්තුති කර­නවා. සාගර සම්පත සඳහා වෙනම සංස්ථා­වක් ස්ථාපිත කරන ලෙසට යෝජනා කර­නවා. ධීවර ජන­තා­වගේ ජන ජීවි­තය නඟා සිටු­වීම සඳහා අමා­ත්‍යාං­ශ­යෙන් වෙන් කර නැහැ. ඉන්ධන ගැට­ලුව මේ ධීවර ජන­තා­වට බල­පා­නවා. භූමි­තෙල් ගැට­ලුව නිසා ධීවර කර්මා­න්තය කඩා වැටිලා. ඉන්ධන ගැට­ලුව නිසා බහු­දින යාත්‍රා මුහුදු නොගිහිං නවතා තිබෙන බවට වාර්තා වෙනවා.

මහ මුහුදේ සටන් කර­මින් විදේ­ශීය විනි­මය පවා ගෙනෙන පුද්ග­ල­යෙක් තමයි ධීව­රයා. මේ ආණ්ඩුව බල­යට පැමි­ණී­මට පෙර නම් ප්‍රකාශ කළේ ධීව­ර­යාට සහන දෙනවා කියලා. ධීව­ර­යාට වූ පොරොන්දු ඉටු කරන ලෙස මම රජ­යෙන් ඉල්ලා සිටි­නවා. ධීවර ජන­තා­වගේ තෙල් සහ­නා­ධා­රය ලබා­දෙන්න. බහු දින යාත්‍රා 7000 ක් වරාය 22න් තෙල් ගහ­නවා. එම­ඟින් හොර­කම් කරන්න බැහැ. ගොවි ජන­තා­වට සහන දීමට මුදල් වෙන් කරන්න හැකි නම් ධීවර ජන­තා­වට සහන දීමට මුදල් වෙන් නොක­රන්නේ ඇයි. ගිලන් රථ බෝට්ටු සේවා­වක් ධීවර කර්මා­න්තය තුළ ස්ථාපිත කරන්න කට­යුතු කරන්න කිය­ලාත් මම යෝජනා කර­නවා.

ධීව­ර­යාගේ මාළු­ව­ලට හොඳ මිලක් තීර­ණය කරන්න පුළු­වන්. සැමන් පිට­ර­ටින් ගෙනත් අපට දෙනවා. එය නැවැ­ත්විය යුතුයි. පිට­ර­ටින් මෙර­ටට ගේන මත්ස්‍ය කර්මා­න්තය නැවැ­ත්විය යුතුයි. මොකද මේ රටට අවශ්‍ය මත්ස්‍ය කර්මා­න්තය රට තුළ තිබෙ­නවා. පිට­ර­ටින් ගෙන ඒම තුළින් සිද්ධ වෙන්නේ අපේ කර්මා­න්තය බිඳ වැටීම.


මන්ත්‍රී සුග­ත්ගෙන් මෙන්ම විශේෂ අව­ශ්‍යතා ඇති සියලු දෙනා­ගෙන් සමාව යදි­නවා

මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බ­න්ධ­යෙන් තමන් සිදු­කළ ප්‍රකා­ශ­යක් හේතු­වෙන් ඒ මහ­තාට සිත් රිද­වී­මක් වූයේ නම් ඒ සම්බ­න්ධ­යෙන් මන්ත්‍රී­ව­ර­යා­ගෙන් හා මෙරට වෙසෙන විශේෂ අව­ශ්‍යතා සහිත සියලු පුර­වැ­සි­ය­න්ගෙන් සමාව ඉල්ලා සිටින බව කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (05) ප්‍රකාශ  කළේය.

සුගත් වසන්ත ද සිල්වා මහ­තාට හෝ විශේෂ අව­ශ්‍යතා සහිත මෙරට සිටින ප්‍රජා­වට කිසිදු ආකා­රයේ අප­හා­ස­යක් හෝ උප­හා­ස­යක් කිරීම සිය අපේ­ක්ෂාව නොවූ බවත් එතුමා වැනි අයත් වෛරය වැපි­රීම වෙනු­වෙන් යොදා ගන්නා ආකා­රය පෙන්වීම අර­මුණ වූ බවත් හෙතෙම පැව­සීය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අද­හස් දැක්වී­මෙන් පසුව නැගී සිටි දයා­සිරි ජය­සේ­කර මහතා මෙම ප්‍රකා­ශය සිදු කළේය.

එමෙන්ම මේ සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට චෝදනා නොක­රන බවත් හෙතෙම පැව­සීය.

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා

සුගත් සිල්වා මහතා සම්බ­න්ධව මම කරපු ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය­යේත්, විවිධ මාධ්‍ය හර­හාත් මට දෝෂා­රෝ­ප­ණය කරලා තිබුණා. සුගත් සිල්වා මහතා කියන්නේ මාත් එක්ක විශ්ව­වි­ද්‍යා­ලයේ එකට හිටපු සහෝ­ද­ර­යෙක්. ඔහු මාව එකතු කරන් ගිහින් ගීත අහලා තියෙන සහෝ­ද­ර­යෙක්.


දේශ­බන්දු අල්ලන නියෝ­ග­යට පෙර හිටපු ඇමැ­ති­ව­ර­යකු රැස්වී­මක් පවත්වා තිබෙ­නවා

ශාන­ක්‍යම් රාස­මා­නි­ක්කම්

පොලි­ස්පති දේශ­බන්ධු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම වෙනු­වෙන් අධි­ක­රණ නියෝ­ගය නිකුත් කිරී­මට දින දෙක­කට පෙර, ප්‍රමු­ඛ­පෙළේ හිටපු අමා­ත්‍ය­ව­ර­ය­කුට අයත් ව්‍යාපා­රික මධ්‍ය­ස්ථා­න­ය­කදී  රැස්වී­මක් පවත්වා ඇති බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන­ක්‍යම් රාස­මා­නි­ක්කම් මහතා පාර්ලි­ම්න්තු­වේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.

එම රැස්වී­මේදී කිසි­යම් කුම­න්ත්‍ර­ණ­යක් සැල­සුම් කර තිබේ ද යන්න සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් මතු­වන බව ද රාස­මා­නි­ක්කම් මහතා පැව­සීය.


මගේ සර­සවි මිතු­රාගේ ප්‍රකා­ශය ගැන කන­ගාටු වෙනවා

මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා

විශ්ව විද්‍යා­ලයේ සිටම දන්නා හදු­නන අයකු විසින්ම සිය දෘශ්‍යා­බා­ධිත බව සහ හැකි­යා­වන් සම්බ­න්ධ­යෙන් සිදු­කළ නිග්‍ර­හය පිළි­බ­ඳව තමන් කණ­ගාටු වන­බව පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

තමන් සතු හැකි­යාව, බුද්ධිය, දැනුම, ආදිය අදාළ මන්ත්‍රී­ව­රයා විසින් හෑල්ලු කර ඇති අතර කෙනෙ­කුගේ අතින් අල්ලා­ගෙන අදාළ පුද්ග­ලයා කවු­රුන්ද යන්න සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ කිරීමේ හැකි­යාව තමන් සතු බව ද  සුගත් වසන්ත ද සිල්වා මහතා පැව­සීය. එසේ වුවද කෙනෙ­කුගේ අතින් අල්ලා­ගෙන කතා­කළ  පම­ණින් අදාළ පුද්ග­ල­යාගේ පපුව තුළ ඇති බ්ලේඩ්, කටු­කම්බි ආදිය සම්බ­න්ධ­යෙන් තමාට ප්‍රකාශ කළ  නොහැකි බවද ඒ මහතා පැව­සීය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා තමන් සම්බ­න්ධ­යෙන් සිදු­කර ඇති ප්‍රකා­ශ­යක් පිළි­බ­ඳව  සුගත් වසන්ත ද සිල්වා මහතා සිය කණ­ගා­ටුව පල­කළේ මේ බව සඳ­හන් කළේ  අය­වැය කාරක සභා   අව­ස්ථාවේ විවා­ද­යේදි සිය අද­හස් දක්ව­මිනි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා

එක්තරා මන්ත්‍රී­ව­ර­යෙක් මම සම්බ­න්ධව කාර­ණ­යක් කියලා තිබෙ­නවා. ඔහු එය පාර්ලි­මේ­න්තුවේ හෝ පාස­ලක නොවෙයි නිද­හස් පරි­ස­ර­යක් තුළයි ප්‍රකාශ කර තිබෙන්නේ. එය ඔහුගේ ආත්මය එළි­යට පෙන්වන දෙයක්. ඔහු ඉතා හෑල්ලු විදි­හට මගේ අව­බෝ­ධය, දැනුම බුද්ධිය හෑල්ලු කර තිබෙ­නවා. අපි ගැන හරි­යට නොදන්න පිට­ස්තර විශ්ව විද්‍යා­ල­යක කෙනෙක් එහෙම කිව්වා­නම් මට දුක නෑ. අපේම අතේ එල්ලිලා. අයියේ කිය කියා ඇවිත්,දේශ­පා­ලන නරි­නා­ඩ­ගම් නටාපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් මගේ දෘෂ්‍ය­බා­ධිත බව සහ මගේ අව­බෝ­ධය කරපු නිග්‍ර­හය ගැන මම කණ­ගාටු වෙනවා.

මට පුළු­වන් කෙනෙක්ගේ අතින් අල්ලා­ගෙන මේ කවුද කියලා නම කියන්න. එය දෘෂ්‍ය­බා­ධිත අපට තිබෙන හැකි­යා­වක්. හැබැයි අපිට ඒ යකාගේ පපුවේ ඇතුලේ තිබෙන බ්ලේඩ්, කටු කම්බි දේවල් ගැන මට කියන්න බෑ. අපට කියන්න පුළු­වන් එයාගේ නම විත­රයි. එහෙම හැකි­යා­වක් තිබු­නා­නම් හරිම ප්‍රයෝ­ජ­න­වත් එහෙම නම් මම එතු­මාගේ අතින් කව­දා­වත් වැර­දි­ලා­වත් අල්ලන්නේ නෑ. ඔවු මම නොදැ­ක්කත් නොපෙ­න­නුත් අවු­රුදු 76ක ශාපය ගැන කිය­නවා. ඉති­හා­සය විශේ­ෂ­වේදී ප්‍රථම පන්තියේ සාමා­ර්ථ­යක් තිබෙන පුද්ග­ල­යෙක් ලෙස මම අවු­රුදු 76ක ශාපය පම­ණක් නොවෙයි අවු­රුදු 2500ක ඉති­හා­සය ගැන කියන්න පුළු­වන් අවු­රු­ද්දෙන් අවු­රුද්ද වුණත් අවු­රුදු සිය­යෙන් සියය වුනත්. අවු­රුදු 76 ගැන කියන්නේ මම වෛරය වපු­රන්න නොවෙයි. අපි නොවෙයි වෛරය වපු­රන්නේ. ඒ ප්‍රකා­ශ­කයා කිය­නවා මුන්ට ගහ­න­කොට පාර­වල් හොයා­ගන්න බැරිව නන්න­ත්තාර වෙයි කියලා.


අස්වැ­සුම දීම­නාව දීමෙන් පම­ණක් දුප්ප­ත්කම තුරන් කරන්න බෑ

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

සමාජ ආර­ක්ෂ­ණය ගැන ආණ්ඩුව කතා කිරී­මට පෙර රටේ දුප්ප­ත්කම පිළි­බ­ඳව නිවැ­ර­දිව නිර්ව­ච­නය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට සහ­භාගි වෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ අස්වැ­සුම දීම­නාව පම­ණක් ලබා දීමෙන් දුප්ප­ත්කම තුරන් කළ නොහැකි බවයි. ඒ සඳහා ඉතිරි කිරීම ආයෝ­ජ­නය නිෂ්පා­ද­නය අප­න­ය­නය හා පරි­භෝ­ජ­නය සිදු­විය යුතු බවත් දැනට මෙහි ඇත්තේ මුදල් ලබා දී පරි­භෝ­ජ­නය කිරීම පම­ණක් බවත් හෙතෙම පැව­සීය. ඒ ආකා­ර­යෙන් දුගී දුප්ප­ත්කම තුරන් කළ නොහැකි බවත් රජ­යට දුගී දුප්ප­ත්කම තුරන් කරන වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති බවත් ජන­ස­විය, සමෘද්ධි වැඩ­ස­ට­හ­න්ව­ලින් ලබා ගත හැකි උගත් පාඩම් ලබා ගෙන විධි­මත්ව දුප්ප­ත්කම තුරන් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළ­කට යොමු­වන ලෙසත් විපක්ෂ නාය­ක­ව­රයා ඉල්ලා සිටි­යේය.


සංචා­රක කර්මා­න්තයේ නිරත අයට විශ්‍රාම වැටුප් ක්‍රම­යක් හඳුන්වා දෙනවා

නියෝජ්‍ය ඇමැති රුවන් රණ­සිංහ

සංචා­රක කර්මා­න්තය ඉහ­ළට ගැනීමේ අර­මු­ණින් එම ක්ෂේත්‍රයේ නිරත වන පුද්ග­ල­යන්ට දාය­කත්ව විශ්‍රාම වැටුප් ක්‍රම­යක් (contributory pension scheme) ක්‍රියා­ත්මක කිරීම ඇතුළු වැඩ­ස­ට­හන් කිහි­ප­යක් මෙම වසර තුළ ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති බව සංචා­රක නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය රුවන් රණ­සිංහ මහතා පැව­සීය.

වාචික පිළි­තුරු අපේ­ක්ෂා­වෙන් ඊයේ (05දා) පාර්ලි­මේ­න්තු­වේදී සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී හේෂා විතා­නගේ මහතා යොමු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳ­හන් කළේය.

එමෙන්ම සංචා­රක ආක­ර්ෂණ ස්ථාන 100ක් හඳු­නා­ගෙන එම එක් ආක­ර්ෂ­ණ­යක් සඳහා මූලික පහ­සු­කම් වර්ධ­නය කිරී­මට රුපි­යල් මිලි­යන 10 බැඟින් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

සංචා­රක කර්මා­න්තය දියුණු  කරන්න මොන­වද කරන්නේ – මන්ත්‍රි හේෂා විතාන

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී හේෂා විතා­නගේ මහතා

නිශ්චි­තව කාල­රා­මු­වක් තුළ මේ රටේ සංචා­රක ව්‍යාපාර ප්‍රව­ර්ධ­නය කරන්න ගන්නේ? දකුණු මුහු­දු­බඩ කලා­පයේ දිග­ටම සංචා­රක කර්මා­න්තය හරහා දියුණු වෙමින් තියෙ­නවා. නමුත් ඒ අවශ්‍ය මූලික පහ­සු­කම්, උදා­හ­ර­ණ­යක් විදි­යට හෝටල් කර්මා­න්තයේ යෙදෙන කෙනෙ­කුට හෝට­ල­යක් හදා ගන්න ඒ කාලයේ තිබුණා ණය ක්‍රම­වේද. දැන් ඒ මොන­වත් නෑ. දැන් ඒ දිරි­මත් කිරීමේ කිසිදු ක්‍රියා­ව­ලි­යක් නෑ සංචා­රක කර්මා­න්තයේ. ඒ නිසා සංචා­රක කර්මා­න්තය අල්ල­ගෙ­නම ඉන්න පිරිස ඉන්නවා. අලු­තින් මේ කර්මා­න්ත­යට එක­තු­වෙන පිරිස අඩු­වෙලා තියෙ­නවා. මම දැන­ගන්න කැම­තියි කාල­රා­මු­වක් තුළ ලංකාවේ සංචා­රක කර්මා­න්තය දියුණු කරන්න මේ වන විට ගෙන ඇති පිය­වර මොන­වාද?

සංචා­රක නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය රුවන් රණ­සිංහ මහතා

මේ වසරේ අපි හඳුනා ගනි­මින් ඉන්නවා සංචා­රක ආක­ර්ශන ස්ථාන 100ක්. ඒ එක ආක­ර්ෂ­ණ­ය­කට රුපි­යල් මිලි­යන 10 බැඟින් වගේ වෙන් කරලා මූලික පහ­සු­කම් වර්ධ­නය කරලා අපේ සංචා­රක කර්මා­න්තය නිෂ්පා­ද­න­යක් විදි­යට උඩට ගන්න වැඩ­ස­ට­හ­නක් තිබෙ­නවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන යටතේ. සංචා­ර­ක­යන්ට රෙස්ට් සෙන්ටර් ගණ­නා­වක් ඉදි­ක­රන්න සැල­සුම් කරලා තියෙ­නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT