ධීවර ප්‍රජාව වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමවේදයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.
සෑම ධීවරයකුගේම ධීවර හා දේපළ සඳහා පූර්ණ හා අර්ධ හානිවලට ප්රතිලාභ ලබාදෙන නව රක්ෂණ ක්‍රමවේදයක් සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා ධීවර දෙපාර්තමේන්තුව සැලසුම් යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ධීවරයන් මුහුදු ගොස් අනතුරකට ලක්වූවාට පසුව වන්දි ගැනීමට අපහසු බවත් රක්ෂණයක් ගැනීමට නම් මුහුදේ වැටී මරණයට පත්වීම හෝ බෝට්ටුව කුඩුපට්ටම් විය යුතු බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
මෙම රක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මේ වර්ෂයේ සිට මෙම නව රක්ෂණ ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය බලයට පැමිණ මාස හතරක් ගතවනවිටදී ධීවර ජනතාවට මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු මේ වනවිට ඉටු කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.