Home » දයා­සිරි වෙනු­වෙන් කිත්සි­රිත් සමාව ගනී

දයා­සිරි වෙනු­වෙන් කිත්සි­රිත් සමාව ගනී

by Gayan Abeykoon
March 6, 2025 4:23 pm 0 comment

සම­න්මලී ප්‍රිය­ශාන්ති

සිය සහෝ­ද­රයා විසින් දෘශ්‍යා­බා­ධිත මන්ත්‍රී සුගත් වසන්ත මහතා ඉලක්ක කර ගනි­මින් සිදු කර ඇති නොමි­නිස් කතාව ගැන මිය­ගිය මවු­පි­යන් නාම­යෙන් විශේෂ අව­ශ්‍යතා ඇති සියලු ප්‍රජා­ව­ගෙන් සමාව අයැද සිටින බව ජන­ප්‍රිය ගායක කිත්සිරි ජය­සේ­කර මහතා පව­සයි.

දෘශ්‍යා­බා­ධිත සුගත් වසන්ත මහතා ඉලක්ක කර ගනි­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා විසින් කරන ලද ප්‍රකා­ශය සම්බ­න්ධව ෆේස්බුක් සට­හ­නක් තබ­මින් කිත්සිරි ජය­සේ­කර මහතා මේ බව කියා තිබේ.

මා මෙන්ම මාගේ මවගේ කුසින් මෙලො­වට බිහි කළ මගේ සහෝ­ද­රයා විසින් සුගත් සහෝ­ද­ර­යාට පම­ණක් නොව සමස්ත විශේෂ අව­ශ්‍යතා සහිත ආද­ර­ණීය සහෝ­දර සහෝ­ද­ර­යන්ගේ ප්‍රජාව උදෙසා කළ එම ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් සමා­ව­න්නැයි ද හෙතෙම එහි දක්වා ඇත.

මිනි­සත් බව ලද මිනි­සකු විසින් නොකිව යුතු නොමි­නිස් කතා­වක් යැයි ද එහි සඳ­හන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT