රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් කිසිවකු වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බව එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ‘දිනමිණට’ ඊයේ (05) පැවසූහ.
යම් සාමාජිකයකු නොදන්වා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වුවහොත් සංගමයෙන් නෙරපන බව ද උන් වහන්සේ පැවසූහ.
අය-වැය ඉදිරිපත් කිරීමේදී හෙද හෙදියන්ගේ වැටුප් කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් සඳහන් නොවන බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.
එවැනි කප්පාදු කිරීමක් සිදු කරන්නේ නම් ඒ බව චක්‍රලේඛයක් මඟින් හෝ කිසියම් නීතිමය ලියවිල්ලක් මඟින් දැනුම් දිය යුතු යැයි ද එසේ දැනුම් දීමක් නොමැති නිසා තම සංගමයේ හෙද සාමාජිකයන්ට වැඩ වර්ජනයකට යෑමේ අවශ්‍යතාවක් නොමැති යැයි ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.