Home » ශ්‍රී ලංකා-කාම්බෝජ ද්වීපා­ර්ශ්වික සබ­ඳතා තර කීරී­මට අව­ධා­නය

ශ්‍රී ලංකා-කාම්බෝජ ද්වීපා­ර්ශ්වික සබ­ඳතා තර කීරී­මට අව­ධා­නය

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ශ්‍රී ලංකා-කාම්බෝජ ද්වීපා­ර්ශ්වික සබ­ඳතා සහ කලා­පීය සහ­යෝ­ඟී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සම්බ­න්ධ­යෙන් දෙරටේ අව­ධා­නය යොමු­කර තිබේ.

කාම්බෝ­ජයේ ශ්‍රී ලංකා තානා­ප­තිනී විජ­යන්ති එදි­රි­සිංහ මහ­ත්මිය සහ එරට අග­මැති සම්ඩෙච් මෝහා බෝවෝ තිපා­දෙයි හන් මියු­නට් මහතා අතර පැවැති සාක­ච්ඡා­ව­කදී මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­කර තිබෙන අතර ෆොනම් පෙන් හි සාම මන්දි­රයේ  දී මෙම හමුව පැවැති බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

කාම්බෝ­ජයේ ප්‍රෙහ් බැට් සම්ඩෙච් බොරො­ම්නීත් සිහ­මොනි රජු වෙත අක්ත පත්‍ර පිළි­ගැ­න්වී­මෙන් අන­තු­රුව මෙම හමුව පවත්වා තිබෙන අතර එම හමුවේ  දී ශ්‍රී ලංකාවේ විදේශ කට­යුතු,  විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශය හරහා ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ ප්‍රධාන මුල­පි­රීම් කිහි­ප­යක් පෙන්වාදී ඇත. ඊට අම­ත­රව පන්ස­ලෙන් පන්ස­ලට රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය සහ බෞද්ධ සබ­ඳතා වර්ධ­නය කිරීම,  ශක්ති­මත් කිරීම අර­මුණු කර­ගත් මුල­පි­රීම් ඇතු­ළුව දෙරට අතර අනා­ගත සහ­යෝ­ගී­තා­වන් ඒ මහ­ත්මිය විස්තර කර තිබේ.

සංස්කෘ­ති­ක­මය වශ­යෙන් වැද­ගත් ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා කාම්බෝ­ජයේ සහාය ඉල්ලා තිබෙන තානා­ප­ති­ව­රිය වෙළ­ඳාම,  ආයෝ­ජන සහ සංචා­රක ක්ෂේත්‍ර­යන්හි වැඩි­දි­යුණු කළ සහ­යෝ­ගී­තා­වය තුළින් අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ ලබා­ගැ­නීම සඳහා පව­තින ආර්ථික සබ­ඳතා ගැඹුරු කිරී­මට ශ්‍රී ලංකාව දක්වන දැඩි උන­න්දුව ප්‍රකා­ශ­කර ඇත.

ශ්‍රී ලංකාව විසින් ජාතික පරි­මා­ණ­යෙන් Clean Sri Lanka ව්‍යාපෘ­තිය දියත් කර ඇති බව ද එය වැඩි­දි­යුණු කළ සදා­චා­රා­ත්මක මූල­ධර්ම සඳහා සදා­චා­රා­ත්මක කැප­වී­මක් සමඟ පිරි­සිදු භෞතික පරි­ස­ර­යක් පෝෂ­ණය කිරීම සඳහා නිර්මා­ණය කර ඇති මුල­පි­රී­මක් බව ද සඳ­හ­න්කර තිබෙන ශ්‍රී ලංකා තානා­ප­ති­නිය,  ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියා­ත්මක මෙම ව්‍යාපෘ­තිය,  තිර­සාර සංව­ර්ධ­නය සහ ප්‍රජා යහ­පැ­වැත්ම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැප­වීම පිළි­බිඹු කරන බව ද සඳ­හ­න්කර තිබේ.

ASEAN සහ අග්නි­දිග ආසි­යානු රට­වල සාමා­ජි­ක­යකු වන කාම්බෝ­ජය සමඟ ශක්ති­මත් සබ­ඳ­තා­වල වැද­ග­ත්කම පිළි­බඳ ශ්‍රී ලංකාවේ විශ්වා­සය නැවත තහ­වුරු කර­මින්,  ගෝලීය ආර්ථික සංව­ර්ධ­නය හා වර්ධ­නය සඳහා තීර­ණා­ත්මක ක්ෂේත්‍ර­වල සමීප සහ­යෝ­ගී­තා­වය අත්‍ය­වශ්‍ය බව ද තානා­ප­ති­ව­රිය අව­ධා­ර­ණය කර ඇත. බහු­විධ අංශ හරහා ශ්‍රී ලංකාව සමඟ ද්විපා­ර්ශ්වික සම්බ­න්ධ­තා­වය ශක්ති­මත් කිරීම සඳහා කාම්බෝ­ජයේ කැප­වීම අග­මැති හන් මියු­නට් මහතා නැවත අව­ධා­ර­ණය කර තිබෙන අතර මෙම සහ­යෝ­ගී­තා­වය ආර්ථික හා සංස්කෘ­තික හුව­මා­රුව ඉහළ නැංවී­මට පම­ණක් නොව,  කලා­පීය ස්ථාව­ර­ත්ව­යට සහ රට­වල් දෙකෙහි සමෘ­ද්ධි­යට ද දායක වන බව පෙන්වා  දී තිබේ.

අනා­ගත මුල­පි­රීම් සම්බ­න්ධ­යෙන් දෙපා­ර්ශ්ව­යම ශුභ­වාදී අද­හස් පළ­කර තිබෙන අතර,  පොදු අභි­යෝ­ග­ව­ලට මුහුණ දීම සඳහා සහ­යෝ­ගීව කට­යුතු කිරී­මට සහ අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ සඳහා නැ‍ඟී එන අව­ස්ථා­ව­න්ගෙන් ප්‍රයෝ­ජන ගැනී­මට එකඟ වී ඇත. මෙම ඉහළ මට්ටමේ සම්බ­න්ධ­තා­වය දෙරට අතර දිගු­කා­ලීන සම්බ­න්ධ­තා­වය ශක්ති­මත් කිරීමේ වැද­ගත් පිය­ව­රක් සනි­ටු­හන් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT