Home » ලෝක කාබ­නික වෙළෙ­ඳ­පොළේ කොට­සක් අත්පත් කර­ගැ­නී­මට අපේ අව­ධා­නය යොමු විය යුතුයි

ලෝක කාබ­නික වෙළෙ­ඳ­පොළේ කොට­සක් අත්පත් කර­ගැ­නී­මට අපේ අව­ධා­නය යොමු විය යුතුයි

ඇමැති සුනිල් හඳු­න්නෙත්ති

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

වර්ත­මා­නය වන විට ලෝකයේ අති විශාල කාබ­නික වෙළෙ­ඳ­පො­ළක් නිර්මා­ණය වී ඇති බවත්, එහි කොට­සක් අත්පත් කර ගැනී­මට අපේ රට අව­ධා­නය යොමු කළ යුතු බවත් කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ මෙරට ජාතික කාබ­නික කෘෂි­ක­ර්මා­න්තය සඳහා නීති­මය තත්ත්වය සහ එහි යෝජිත වෙන­ස්කම් පිළි­බ­ඳව ජාතික උප­දේ­ශන වැඩ­මු­ළු­වක් පෙරේදා (04) කොළඹ රේණුකා හෝට­ල­යේදී පැවැති අව­ස්ථා­වේ­දීය.

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (EDB) යටතේ ක්‍රියා­ත්මක වන ජාතික කාබ­නික පාලන ඒක­කය (NOCU) සහ ජාත්‍ය­න්තර වෙළෙඳ මධ්‍ය­ස්ථා­නයේ එක්සත් රාජ­ධා­නියේ වෙළෙඳ හවුල් වැඩ­ස­ට­හන (UKTP) එක්ව මෙය සංවි­ධාන කර තිබිණි.

රාජ්‍ය සහ පෞද්ග­ලික පාර්ශ්ව­ක­රු­වන් සඳහා ජාතික කාබ­නික කෘෂි­කා­ර්මික ක්‍රම­වේ­දයේ නෛතික රාමුව තුළ යෝජිත වෙන­ස්කම් හඳු­න්වා­දීම මේ එක්දින පුහුණු වැඩ­මු­ළුවේ අර­මු­ණයි.

මෙරට ජාතික කාබ­නික ප්‍රමි­තිය, එක්සත් රාජ­ධා­නියේ (GB) කාබ­නික නිය­ම­යන් සමඟ ඒකා­බද්ධ කිරීම, නියා­මන හිඩැස් හඳුනා ගැනීම සහ ජාත්‍ය­න්තර ප්‍රමි­තීන්ට අනු­කූල වීම සහ­තික කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළි­බ­ඳව මෙහිදී අව­ධා­නය යොමු කළ අතර, මේ සඳහා තාක්ෂ­ණික සහාය UKTP වැඩ­ස­ට­හන යටතේ දෙන ලදි.

මෙරට කාබ­නික නිෂ්පා­ද­න­වල විශ්ව­ස­නී­ය­ත්වය සහ­තික කිරී­මට ජාතික කාබ­නික පාලන ඒක­කය (NOCU) ක්‍රියා­ත්මක වෙයි. මේ වන විට මෙරට සහ­තික ලත් කාබ­නික අප­න­ය­න­ක­රු­වන් සහ සැක­සු­ම්ක­රු­වන් 400ක් පමණ සිටින අතර, කාබ­නික නිෂ්පා­දන නිෂ්පා­ද­ක­යන් 12,000කට අධික සංඛ්‍යා­වක් හඳු­නා­ගෙන ඇත. වර්ත­මා­නය වන විට වාර්ෂි­කව ඩොලර් බිලි­යන 0.5කට අධික අප­න­යන ආදා­ය­මක් මේ ක්ෂේත්‍ර­යෙන් ලබා ගනී.

2000දී යුරෝ බිලි­යන 15.1ක් වූ ගෝලීය කාබ­නික වෙළෙ­ඳ­පොළ 2023 වන විට යුරෝ බිලි­යන 136.4 දක්වා වර්ධ­නය වී ඇති අතර, අමෙ­රිකා එක්සත් ජන­ප­දය, ජර්ම­නිය සහ චීනය ලොව විශා­ල­තම කාබ­නික වෙළෙ­ඳ­පොළ ලෙස හඳු­නා­ගෙන ඇත. එමෙන්ම රට­වල් 188කට වැඩි ප්‍රමා­ණ­යක් 2023 වන විට හෙක්ට­යාර මිලි­යන 98.9ක භූමි ප්‍රදේ­ශ­යක කාබ­නික කෘෂි ක්‍රියා­කා­ර­කම් ආරම්භ කර ඇති අතර, රට­වල් 75ක පූර්ණ කාබ­නික නිය­ම­යන් ක්‍රියා­වට නැංවීම සාර්ථක කර­ගෙන තිබේ.

ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ, එක්සත් රාජ­ධා­නියේ UKTP වැඩ­ස­ට­හනේ උප­දේ­ශ­ක­යන්, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ නිල­ධා­රීන් ඇතුළු අනෙ­කුත් රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ නියෝ­ජි­තයෝ මේ වැඩ­මු­ළු­වට සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT