Home » ඉන්දීය නාවික හමුදා නෞකා­වක් මෙරට නිල සංචා­ර­යක

ඉන්දීය නාවික හමුදා නෞකා­වක් මෙරට නිල සංචා­ර­යක

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

රක්ෂණ ශ්රියන්ත

ඉන්දීය නාවික හමු­දා­වට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචා­ර­යක් සඳහා පසු­ගි­යදා (03) කොළඹ වරා­යට සේන්දු වූ අතර,  ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍ර­දා­යා­නු­කු­ලව පිළි­ගැ­නී­මට කට­යුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරා­යට සේන්දු වූ Corvette වර්ග­යට අයත් ‘INS KUTHAR’ නෞකාව,  දිගින් මීටර් 91.16ක් හා නැව් මුළුව 129ක ගෙන් සම­න්විත අතර,  නෞකාවේ අණ­දෙන නිල­ධාරී ලෙස,  කොමා­ණ්ඩර් Nitin Sharma කට­යුතු කරනු ලබයි.

මෙම නිල සංචා­රයේ දී ‘INS KUTHAR’නෞකාවේ අණ­දෙන නිල­ධාරී සහ බට­හිර නාවික විධා­නයේ ආඥා­පති අතර නිල හමු­වක් බට­හිර නාවික විධාන මූල­ස්ථා­නයේ දී සිදු­කෙ­රුණු අතර,  මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාල­සී­මාව තුළ එහි කාර්ය මණ්ඩ­ලය කොළඹ ප්‍රදේ­ශයේ ආක­ර්ෂ­ණීය සංචා­රක ස්ථාන නැර­ඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහ­ද­ත්වය වර්ධ­නය කිරීම වෙනු­වෙන් හා පුහුණු හුව­මාරු වෙනු­වෙන් සංවි­ධා­නය කෙරෙණ වැඩ­ස­ට­හන් සඳහා සහ­භා­ගී­වී­මට නිය­මි­තව ඇත.

‘INS KUTHAR’නෞකාව නිල සංචා­රය නිමා කර­මින් මාර්තු මස 06 වැනි දින දිව­යි­නෙන් පිටත්ව යාමට නිය­මි­තව ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT