31
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 3කින් ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ස්වාධීන කණ්ඩායම් 19ක් ද ඇප තැන්පත් කර ඇත. මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්රික්ක වෙනුවෙන් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ. අදාළ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනිදා ආරම්භ කෙරුණු අතර ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 19 වැනිදා අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ලබන 8, 9, 13, 15 සහ 16 යන දිනවලදී ඇප මුදල් භාර ගැනීම සිදු නොකරන බවද මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි.