Home » පක්ෂ 3ක් ඇප බඳියි

පක්ෂ 3ක් ඇප බඳියි

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

පළාත් පාලන ඡන්ද විම­සීම සඳහා මේ වන­විට පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 3කින් ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැති­ව­රණ කොමි­ෂන් සභාව සඳ­හන් කරයි.  ස්වාධීන කණ්ඩා­යම් 19ක් ද ඇප තැන්පත් කර ඇත.   මහ­නු­වර, කොළඹ, ගම්පහ, රත්න­පුර හා අම්පාර යන දිස්ත්‍රික්ක වෙනු­වෙන් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.  අදාළ ඡන්ද විම­සීම සඳහා ඇප මුදල් භාර ගැනීම පසු­ගිය 03 වැනිදා ආරම්භ කෙරුණු අතර ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 19 වැනිදා අව­සන් වීමට නිය­මිත බව මැති­ව­රණ කොමි­ෂන් සභාව සඳ­හන් කරයි.

ලබන 8, 9, 13, 15 සහ 16 යන දින­ව­ලදී ඇප මුදල් භාර ගැනීම සිදු නොක­රන බවද මැති­ව­රණ කොමි­සම නිවේ­ද­නය කර සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT