Home » පුංචි ඡන්දයේ සැල­සුම් සහ ගැටලු සාක­ච්ඡා­වට

පුංචි ඡන්දයේ සැල­සුම් සහ ගැටලු සාක­ච්ඡා­වට

ජාතික මැති­ව­රණ කොමි­සම අද රැස්වේ

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක, උපේක්ෂා රණ­වක සහ නයෝමි ශර්මිලා

පළාත් පාලන මැති­ව­ර­ණ­යට අදාළ සැල­සුම් සහ ඒ සම්බ­න්ධ­යෙන් මතු­වන ගැටලු පිළි­බඳ සාකච්ඡා කිරී­මට ජාතික මැති­ව­රණ කොමි­සම අද (06) රැස්වී­මට නිය­මි­තය.

පළාත් පාලන මැති­ව­ර­ණ­යට නාම­යෝ­ජනා කැඳ­වී­මෙන් අන­තු­රුව ජාතික මැති­ව­රණ කොමි­ෂන් සභාව රැස්වන පළමු අව­ස්ථාව වන්නේ මෙයයි.  අද පැවැ­ත්වෙන රැස්වී­මෙන් අන­තු­රුව දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධා­රීන් සහ සහ­කාර මැති­ව­රණ තේරී­ම්භාර නිල­ධා­රීන් කොළ­ඹට කැඳ­වී­මට මැති­ව­රණ කොමි­සමේ අව­ධා­නය යොමුව තිබේ. ලබන සෙන­සු­රාදා දින­යේදී එම රැස්වීම පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත.   මේ අතර පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද අය­දු­ම්පත් භාර ගැනීමේ කට­යුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර, තැපැල් ඡන්ද අය­දු­ම්පත් භාර ගැනීමේ කාල­සී­මාව කිසි­සේත් දීර්ඝ නොක­රන බව මැති­ව­රණ කොමි­සමේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

පළාත් පාලන ආය­තන මැති­ව­ර­ණයේ නාම­යෝ­ජනා භාර ගැනීම එළ­ඹෙන 17 වැනිදා ආරම්භ වනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT