සෞදි අරාබියානු සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව රියාද් ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී දින තුනක කාලයක් පැවැති ‘Saudi Travel Market 2025’ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කර තිබෙන අතර, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ සෙරන්ඩිබ් ට්‍රැවල්ස් විසින් එම කුටිය නිල වශයෙන් විවෘත කර ඇත.
සෞදි සංචාරක වෙළෙඳපොළ මැදපෙරදිග කලාපයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනවලින් එකක් වන අතර, එය නවෝත්පාදනය, සහයෝගීතාව සහ ගෝලීය සම්බන්ධතාව පිළිබඳ සාක්ෂියක් බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එම ප්‍රදර්ශනය කර්මාන්ත නායකයන්, නවෝත්පාදකයන් සහ උද්‍යෝගිමත් අය සඳහා සහයෝගීතාව සහ හවුල්කාරීත්වය වර්ධනයට B2B ජාලකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර තිබේ. ප්‍රදර්ශකයන්ට සෞදි අරාබියාවේ අතිවිශාල විභවය ගවේෂණය කිරීමට, ජාලගත කිරීමට සහ අගුළු හැරීමට ප්‍රමුඛ වේදිකාවවී තිබේ.
මේ වසරේ සෞදි සංචාරක වෙළෙඳපොළේ දෙවන සංස්කරණය මෙය වන අතර, රටවල් 20කින් ප්‍රදර්ශකයන් 135කට වැඩි පිරිසක් එයට සහභාගීවී ඇත. ශ්‍රී ලංකාවේ පුරෝගාමී ගමනාන්ත කළමනාකරණ සමාගමක් සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පැකේජ සඳහා ප්‍රමුඛ සංචාරක ක්‍රියාකරුවකු වන සෙරන්ඩිබ් ට්‍රැවල් හොලිඩේස් මේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.