Wednesday, April 23, 2025
Home » දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට දැනුම් දෙන්න

දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට දැනුම් දෙන්න

by chanaka
March 6, 2025 1:11 pm 0 comment

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් සොයාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැවරී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇත.

අදාළ තොරතුරු ඇති ඕනෑම අයෙකු වහාම CID වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT