Home » වැඩි­දුර විම­ර්ශන ගල්කිස්ස අති­රේක මහේ­ස්ත්‍රාත් CIDයට භාර දෙයි
මාධ්‍ය­වේ­දිනි ශ්‍රියානි විජේ­සිං­හගේ සැමි­යාගේ අබි­ර­හස් මර­ණය

වැඩි­දුර විම­ර්ශන ගල්කිස්ස අති­රේක මහේ­ස්ත්‍රාත් CIDයට භාර දෙයි

18 වැනිදා අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි CID අධ්‍ය­ක්ෂ­ව­ර­යාට නොතිසි

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මාධ්‍ය­වේ­දිනි ශ්‍රියානි විජේ­සිංහ මහ­ත්මි­යගේ සැමි­යාගේ අබි­ර­හස් මර­ණය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර දීමට ගල්කිස්ස අති­රේක මහේ­ස්ත්‍රාත් හේමාලි හාල්ප­න්දෙ­ණිය මහ­ත්මිය නියෝග කර තිබේ.

ඒ අනුව ලබන18 වැනිදා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට නොතිසි නිකුත් කර ඇත. ශ්‍රියානි විජේ­සිංහ නැමැති මාධ්‍ය­වේ­දි­නි­යගේ සැමියා දෙහි­වල වෛද්‍ය පාරේ පදිං­චිව සිටි 60 හැවි­රිදි අයෙකි.

ඔහුගේ මර­ණය සම්බ­න්ධ­යෙන් වූ නඩුව විවෘත අධි­ක­ර­ණය හමුවේ පෙරේදා (04) කැඳවූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය කර ඇත.

මිය­ගිය පුද්ග­ලයා ජන­වාරි මස පළමු වැනි දා රැකි­යා­වට පිටත්ව ගොස් නැවත නිවෙස කරා නොපැ­මි­ණිම හේතු­වෙන් ඒ පිළි­බ­ඳව සොයා බැලී­මේදී ඊට පසු­දින එනම් ජන­වාරි 2 වැනි දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහ­ර­වල් සහි­තව ඉතා අසාධ්‍ය තත්ත්ව­යෙන් සිටි­යදී සොයා ගෙන තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවා­ල­කරු ජන­වාරි මස 03 වැනි දින උදෑ­සන මිය­ගොස් ඇති බව අධි­ක­ර­ණ­යට වාර්තා කර ඇත.

මිය­ගිය පුද්ග­ලයා දෙහි­වල හිල් වීදියේ නීති­ඥ­ව­රි­ය­කට අයත් නිවෙ­සෙහි මිදු­ලෙහි වැටී සිටින බවට නීති­ඥ­ව­රි­යගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිල­ධා­රි­ව­රයා 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට දැනුම් දී ඇති බවත් එම දුර­ක­තන ඇම­තු­මට අනුව රාත්‍රී 11ට පමණ දෙහි­වල පොලී­සියේ නිල­ධා­රීන් එම ස්ථාන­යට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ග­ලයා රෝහ­ල්ගත කිරී­මට කට­යුතු නොකර, තුවා­ල­කරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ද­වී­මට කට­යුතු කර තිබීම සැක­යට තුඩු දෙන බව අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් කරුණු දක්ව­මින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධි­ක­ර­ණය හමුවේ සඳ­හන් කළේය.

මර­ණය සම්බ­න්ධ­යෙන් දෙහි­වල පොලී­සිය නිසි විම­ර්ශ­න­යක් සිදු­කර නොමැති බවඳ එම නීති­ඥ­ව­රයා තව­දු­ර­ටත් කරුණු දක්ව­මින් කියා සිටි­යේය.

නිවෙසේ හිමි­කරු ඇතුළු නිවැ­සි­ය­න්ගෙන් මේ වන­විට ප්‍රකාශ ලබා­ගෙන ඇති බව දෙහි­වල පොලී­සිය අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වා සිටි­යේය.

ඉදි­රි­පත්වූ කරුණු සළකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය මර­ණ­යට හේතුව මොට ආයු­ධ­ය­කින් පහ­ර­දී­මක් ලෙසට මරණ පරී­ක්ෂණ වාර්තාවේ සඳ­හන් වී තිබීම සහ මර­ණය සම්බ­න්ධ­යෙන් දෙහි­වල පොලී­සි­යෙන් සාධා­රණ විම­ර්ශ­න­යක් සිදු කිරීම බලා­පො­රොත්තු විය නොහැකි වීම යන කරුණු මත මර­ණය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු­කි­රී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර දී තිබේ.

අදාළ නඩුව නැවත මාර්තු මස 18 වැනි දින කැඳ­වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT