Monday, April 21, 2025
Home » බුද්ධි සේවා ලොක්කා ගිය සැප රිය අධි­වේ­ගයේ නවතා තිබූ වාහ­න­යක ගැටිලා

බුද්ධි සේවා ලොක්කා ගිය සැප රිය අධි­වේ­ගයේ නවතා තිබූ වාහ­න­යක ගැටිලා

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

බණ්ඩා­ර­ගම සමූහ - බිමල් ජය­සිංහ සහ ගල්පාත සමූහ - චන්දන ජය­ලාල්

නවතා තිබූ වාහ­නයේ රියැ­දුරු මරුට

පොලිස් අධි­කාරි ඇතුළු 3කට තුවාල  

රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙ­න­හිර පළාත භාර සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ගමන් ගත් සුඛෝ­භෝගී මෝටර් රථය දක්ෂිණ අධි­වේගී මාර්ගයේ නවතා තිබූ තවත් සුඛෝ­භෝගී මෝටර් රථ­යක ගැටී අන­තු­රට ලක්ව ඇත. මේ අන­තු­රින් නවතා තිබුණු මෝටර් රථයේ රියැ­දුරු මිය­ගොස් සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ඇතුළු තිදෙ­නක් තුවාල ලබා ඇති බව දක්ෂිණ අධි­වේගී රථ­වා­හන පොලී­සිය කියයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ කළු­තර දකුණ, මුස්ලිම් පල්ලිය පාරේ පදිං­චිව සිටි ඒ.බි. රිස්වාන් (34) නමැ­ත්තෙකි. අන­තුර සිදු­වන්නේ අධි­වේගී මාර්ගයේ දොඩං­ගොඩ ප්‍රදේ­ශයේ දී පෙරේදා (04) අලු­යම් කාල­යේ­දීය. තුවාල ලැබූ­වන් අතර සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා, ඔහු ගමන් ගත් මෝටර් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේව­යට අනු­යුක්ත පොලිස් කොස්තා­ප­ල්ව­රයා සහ මිය­ගිය පුද්ග­ලයා පැදවූ මෝටර් රථයේ ගමන් ගත් මගි­යකු ද වන බව පොලී­සිය කියයි.

රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙ­න­හිර පළාත භාරව රාජ­කාරි කරන සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා කොළඹ පැවැ­ත්වෙන රාජ­කාරි කට­යු­ත්ත­කට සහ­භා­ගි­වී­මට පැමි­ණෙ­මින් සිටි­යදී මේ අන­තු­රට සිදුව ඇත. අන­තු­රට ලක්වූ මෝටර් රථය මාසික කුලී පද­නම මත ශ්‍රී ලංකා පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රා­ගෙන ඇති එකකි. ජීප් රථය, වැලි­පැන්න පිවි­සුම පසු­කර කොළඹ දෙසට ධාව­නය වෙමින් තිබි­යදී අන­තු­රට ලක්ව ඇත්තේ කාර්මික දෝෂ­ය­කට ලක් වූ නතර කර තිබුණු මෝටර් රථ­යක ගැටී­මෙනි.

කාර්මික දෝෂ­යට ලක්වූ රථයේ රියැ­දුරු මෝටර් රථ­යෙන් බැස එහි පිටු­පස සිට­ගෙන සිට ඇති අතර මෝටර් රථයේ වම්පස අසුනේ තවත් මගි­යකු අසු­න්ගෙන සිට ඇත.

පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ගමන් ගත් සැප මෝටර් රථයේ පිටු­පස සිට ගෙන සිටි රියැ­දුරු ද යට කර­ගෙන ගොස් මෝටර් රථයේ ගැටී තිබේ. මෙහිදී තුවාල ලැබූ සිවු­දෙනා නාගොඩ රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව රියැ­දුරු පැය කිහි­ප­ය­කට පසු මිය­ගොස් ඇතැයි පොලී­සිය පව­සයි.

අන­තු­රින් මෝටර් රථ දෙක­ටම බර­ප­තළ හානි සිදුවී ඇත. අප­රී­ක්ෂා­කාරී සහ නොසැ­ල­කි­ලි­මත් ලෙස රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තා­පල් රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අධි­වේගී මාර්ග පොලිස් අනු­පා­ලක ස්ථානය (කුරු­ඳු­ග­හ­හැ­තැක්ම) ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුසන්ත කොළ­ඹගේ මහ­තාගේ උප­දෙස් මත පොලිස් සැර­යන් (28849) වීර­සේ­කර නිල­ධා­රියා සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT