ඔහු තම හොඳම මිතුරකු කැටුව මධ්‍යම පළාතට ගියේය. ඒ මිතුරාගේ ඥාති ගෙදරකටය. දෙදෙනා එම ඥාති නිෙවසේ කාලය ගත කරන විට ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ දෝෂයක් ඇතිවිය.
නිෙවසේ කිසිවකුත් දෝෂය හදන්න දන්නේ ද නැත. ඔහුගේ යාළුවාත් දන්නේ නැත. එහිදී නිවැසියා ඔවුනට කතා කළේය.
මල්ලි ඔය ෆෝන් එක හදන්න ඕනෑ නම් අල්ලපු ගෙදරට අරන් යන්න. ඒ අංකල් ඒක පටාස් ගාලා හදලා දෙයි.Ó ඒ අනුව කරකියා ගත කිසිවක් නැති වූ ඔහු ඒ නිෙවසට ගියේ හිතවතා ද එහි හැමෝම දන්නා හඳුනන නිසාය. එවිට රාත්‍රී අට පසු වී තිබිණි. නිවෙස් හිමියා හා බෝඩිමේ තරුණ කතුන් කිහිප දෙනෙක් එවිට සාලයේ වාඩි වී ටෙලි නාට්‍යයක් බලමින් සිටියහ.
ආ…අද අලුත් යාළුවෙක් එක්ක ආවා ද පුතා. එන්න එන්න ඇවිත් වාඩි වෙන්නÓ නිවෙස් හිමියා කීවේය.
ඔව් අංකල්. මෙයා මගේ හොඳ යාළුවෙක්. එයාගේ ෆෝන් එක පොඩ්ඩක් බලා ගන්නයි ආවේÓ පුතාද පිළිතුරු දුන්නේය. එය අතට ගෙන හදන අතරවාරයේ ඔහු ආ ගිය තොරතුරු විමසූවේය.
එහිදී දෙදෙනා අතරේ ඇති වු සංවාදය මෙලෙසය.
මේ පුතා කොහේ ද?
මම මහවැලි ජනපදයේ
මාත් ඒ පැත්ත දන්නවා. ජනපදයේ හරියටම තැන කොහේද
මම ඒ ගමේ පාසල අසල.
ඒ කියන්නේ පාසල ගාව කීවෙනි ගෙදරද?
සර්, ඒ පැත්ත මටත් වඩා හොඳට දන්නවානේ. මාරයිනේ ඒ පස්වෙනි ගෙදර තමයි මගේ.
එතකොට ඒ ගමේ එස්.බී.කවුද?
අර සංස්ථාවේ වැඩ කරපු එස්.බී. ගැන නේද ඔය අහන්නේ.
ඔව්, ඔව් හරියටම හරි එයා ගැන තමයි අහන්නේ.
ආගන්තුකයාට හරිම ආඩම්බරයකි. තරුණ රූමත් කතුන් සංවාදය දෙස නෙත් අයාගෙන බලා සිටියහ. ඔහු උජාරූවට මෙන්Ó එයා මගේ බාප්පා හරිම හොඳයි. සමාජ සේවකයා. දැන් පැන්ෂන් නේද එයා සර්
මොන පැන්ෂන්ද. එයා වැඩ කරපු ආයතනයේ ලොක්කා තමයි මම. එයා අංගුත්තරයා. පට්ට ලෝක හොරා. වැඩපොළේ හොරකම් කරලා මටම අහුවුණා. මං ඒක ඉහළට දැනුම් දුන්නා. පස්සේ සේවයෙන් ඉවත් කෙරුවා. දැන් ආයතනය වහලා. හැමෝටම හොඳ වන්දි හම්බ වුණා. නමුත් එයාගේ හිත හොඳ නෑ. හිමි දීමනා හැරෙන්න හොර හිත නිසා ලැබෙන්න තිබුණු වන්දි කිසිවක්ම ලැබුණේ නෑ. ඔය වාගේ අය නෑදෑයෙක් කියලාවත් කියන්න එපා.ඔහු පැවසීය.
එය ඇසුණු තරුණ ළමිස්සියෝ කොක් හඬලා සිනාසෙන විට දුරකතනයේ දෝෂය හදාගෙන අතට ගත් ඔහු Òමදැයි නැති නෑදෑකම් කියන්න ගිහින් ඉල්ලං කෑවා කියමින් සගයා සමඟ එතැනින් යන්න ගියේ ලජ්ජාවෙන් ඇඹරෙමින්ලු.
පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම