Tuesday, April 22, 2025
Home » මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වරලත් ආයතනයක්

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වරලත් ආයතනයක්

by chanaka
March 6, 2025 1:17 pm 0 comment

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වරලත් ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 25ක් ඒ සඳහා වෙන් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ සකස් කර ජූනි මාසය වනවිට එය එළි දැක්වීමට කටයුතු කරන බවත් මාධ්‍යවේදීන්ට අවුරුද්දට ශිෂ්‍යත්ව 100ක් ලබා දෙන අතර එයට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඔහු පැවසීය.

තව ද, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ආචාරධර්ම පිළිබඳව යහපත් ජනමාධ්‍යකරණය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT