Wednesday, April 23, 2025
Home » ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

by chanaka
March 6, 2025 1:13 pm 0 comment

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද( 06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ෙරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, ලේක්හවුස්,රූපවාහිනී, ගුවන්විදුලිය සහ රජයේ මුද්‍රණාලය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5.2ක් වෙන් කර තිබෙනවා. පසුගිය වසර 02ක් තිස්සේ පැවැත් වීමට නොහැකි වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම වසරේදී නැවත පවත්වන බවද අමාත්‍යවරයා කීය. මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවන බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කර එය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නැවත පවත්වනවා.රාජ්‍ය මාධ්‍ය දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT