අප සාමාන්‍යයෙන් අසා ඇත්තේ ලේන් කුඩු, මයින් කූඩු, ගිරා කූඩු හෝ කපුටුකූඩු ආදිය ගැන ය. නමුත් දැන් ලෝක තත්ත්වයන් වෙනස් ය. මිනිසා දියුණු ය. එහෙයින් ලෝකයේ නවතම කූඩු විශේෂයක් බිහිවී ඇත. ඒ මිනිස් කූඩුය. (Cage Homes) ඒවා ප්‍රථම වරට හඳුන්වා දුන්නේ ආසියාවේ දියුණු යැයි සම්මත ධනවාදී ආර්ථික ක්‍රමයක් සහිත හොංකොං රාජ්‍යය තුළ ය. හොංකොං රාජ්‍ය මෙම කුටි සඳහා අර්ථකථනය දී ඇත්තේ නිදන කාමර යනුවෙනි. එහෙත් මෙම එක් නිදන කාමරයක12 ක් හෝ ඊට වැඩි ගණනක් ජීවත් වෙති. මෙලෙස නිදන කාමර ලෙස රජය හඳුන්වා දෙන්නේ අඩි 6 ක් පළල අඩි 12 ක් දිග යකඩ කූඩු ය.
මේවා හොංකොං රාජ්‍ය තුළ නීත්‍යානුකුල නිවෙස් ය. ඒවායේ අයිතිකරුවන්ගෙන් හොංකොං රාජ්‍ය බදු මුදල් ගනු ලබන බැවින් ඒවා රාජ්‍ය පිළිගත් හා ප්‍රමිතිගත කුලී නිවාසයන් ය. වානේ කමිබිවලින් නිර්මිත කර්කෂ කුඩු තුළ බලාපොරොත්තු අත්හළ මිනිසුන් සිය ඡිවිතය ගත කරති. 2019දී හොංකොංහි හැට දහසකට අධික ජනතාවක් මුදල් ගෙවා මෙවැනි කුඩුවක් තෝරාගනු ලැබූ අතර එම පිරිස 2022 දී එක්ලක්ෂ දස දහසක් වූහ.
හොංකොං යනු ලොව අධිකම මිල සහිත නිවාස වෙළෙඳපොළ යි. එය 2010 සිට පුරා වසර 8ක් ලොව අධිකම නිවාස මිල ඇති රටවල් ශ්‍රේණිගත කිරීමෙි සිටියේ අංක එකට ය. එමරට වර්ග සැතපුම්1064 ක ලක්ෂ 60 කට අධික ජනගහණයක් ඡිවත්වන දුපත් රාජ්‍යයකි. මෙම සීමිත බිමිකඩක අසාමාන්‍ය ජනගහණ වර්ධනයට එකම සාධකය බවටපත්වුයේ 1950 – 1951 දී සිදුවු චීන විප්ලවය යි. චීනයෙන් පලා ආ චියැංකායිෂේක්ගේ හිතවතුන් හා නෑදෑයින් බුරුතු පිටින් සමාජවාදී චීනයට බියෙන්විත් මෙහි පදිංචි වූහ. එම චීන ඡනතාවගේ ජනගහණ වර්ධන වේගය අපි අද දකිනනිවාස මිල ඉහළට යාම සහ කුඩු නිවාසවල වර්තමාන ප්‍රතිඵලයයි.
සමහර මිනිසුන් ජීවත්වන්නේ අඩි දෙකක් පළල, අඩි 6 ක් දිගැති වානේ කුඩුවලය. හොංකෙං රාජ්‍ය ප්‍රකාශනයන්ට අනුව මෙම කූඩුවල ජීවත්වන්නේ අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබිබැහි වූවන් ය. කාත් කවුරරුත් නැති විශ්‍රාමිකයන් ය. තනිකඩ පුද්ගලයෝය. ඔවුනට රාජ්‍ය සුබ සාධන නොමැත. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය යි. එහෙත් හොංකොං රජය එකක් අමතක කර ඇත. ඒ ඔවුන් මිනිසුන් බවයි. සිය ශක්ති ප්‍රමාණයෙන් රට ගොඩ නැඟීමට දහදිය කඳුළු හෙළූ දස දහස් ගණන්වු මිනිසුන් බවයි.
මේ එම දූපතේ කුඩුවක් නිවෙස් කරගත් මිනිසුන්ගේ කතාවයි. අප ඊළඟට එන්නේ ලක්ෂ 25ක මිනිසුන් ජීවත්වන මහල් නිවෙස්වල කතාන්දරයටයි. මේ මහල් නිවෙස්වල ඇත්තේ එක් කාමරයකි. කුස්සියකි. ඒවා මහල් නිවෙස් යනුවෙන් ඔවුහු පවසති. සෑමනිවෙසකම වැසිකිළිය ඇත්තේ කුස්සියේ ය. විවෘතව ය. පවුලේ අයකුට වැසිකිළියට යාමට වුවමනාවිට කුස්සියේ කපන කොටන උයන සියලු වැඩ නතර කරයි. පවුලේ මව්පියන්ට හෝ දරුවන්ට පුද්ගලිකත්වයක් කියා දෙයක් නොමැත. ඇඳුම් අල්මාරිය, රූපවාහිනිය, නිදන ඇඳන්, සපත්තු සෙරෙප්පු, දරුවන්ගේ පොත්පත් යන සියලු ලට්ට ලොට්ට එක කාමරයක ය. දරුවන්ද වැඩිහිටියන්ද සිය ඇඳන් කෑම මේසය වෙනුවට භාවිතා කරති. ඒවා ශ්‍රී ලංකාවෙි මුඩුක්කු පැල්පත් වලට වැඩිවෙනසක් නැත. දරුවන්ගේ ඇඳන් සහ මව්පියන්ගේ ඇඳන් එක් තිර රෙද්දකින් වෙන්කරඇත.
නිවෙස්වල හෝ කූඩුවල ජීවත්වන මිනිසුන් එකිනෙකා සමඟ කතාබහ නොකරන තරම් ය. ඔවුනගේ ප්‍රධානම විනෝදාංශය රූපවාහිනිය යි. කොටින්ම මේ මිනිසුන් ජීවත් වෙනවා යැයි කියන්නේ හුස්ම ගැනීමට ය. මෙසේ ජීවත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව එරට ජනගහණයෙන් තුනෙන් එකකි. එනම් ලක්ෂ 20 ක ජනතාවක් මෙම මහල් නිවාස වල තනි කාමරයක් සිය නිවෙස ලෙස පිළිගෙන ජීවිතය ගතකරති.
ඒ එක් තනි කාමරය තාත්තා, අම්මා, දූ, දරුවන් සියල්ලන්ටම ය. හොංකොං ඒවා හඳුන්වන්නේ මහල් නිවාස යනුවෙනි. හොංකොං දිවයින නැරඹීමට එන විදේශිකයන් නියම හොංකොං අත්දැකීම ලැබීමට නම් මෙවැනි කූඩුවක හෝ මෙවැනි මහල් නිවෙසක නතර විය යුතුය. ඒ සඳහා එරට සංචාරක ව්‍යාපාර විදේශිකයන්ව දිරිගන්වති. ඔවුන් එය හඳුන්වන්නේ දරිද්‍රතාවයේ සංචාරය (PovertyTourism)යනුවෙනි. සෑම වසර 5 කටම සැරයක් එරට දේශපාලනයේ අංක එකට ඇති ඡන්ද පොරොන්දුවක් වන්නේ ‘‘ සැම පවුලකටම කදිම නිවෙසක් ” යන්න ය.
✍️ උපාලි ජයසිංහ ✍️