Monday, April 21, 2025
Home » ප්‍රබෝධනී ගෙදර එද්දී මල්කි නවසීලන්තයට

ප්‍රබෝධනී ගෙදර එද්දී මල්කි නවසීලන්තයට

by sachintha
March 5, 2025 4:30 pm 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී නවසීලන්තයේදී පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඒ වෙනුවට මල්කි මදාරා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වූවද ඊයේ නේපියර්හි පැවති පළමු එක්දින තරගයට එක් නොවූවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි 24 හැවිරිදි මල්කි මදාරා ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, නිමාවට පත්වූ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල සමඟ තරගාවලියේදී දස්කම් දැක්වූවාය. මේ හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රබෝධනී වෙනුවට ආදේශක ක්‍රීඩිකාව ලෙස මල්කි මදාරා නම් කළේය.

ආබාධයට ලක්වූ 39 හැවිරිදි උදේශිකා ප්‍රබෝධනී පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කළද, මේ නවසීලන්ත සංචාරය අහිමිවී යනු ඇත. 2009 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා කරන උදේශිකා ප්‍රබෝධනී එක්දින තරග 70කට හා විස්සයි20 තරග 106කට ක්‍රීඩා කළාය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT