Wednesday, April 23, 2025
Home » නිකවැරටිය රෝහලට ලක්ෂ 47ක් වටිනා පරිත්‍යාගයක්

නිකවැරටිය රෝහලට ලක්ෂ 47ක් වටිනා පරිත්‍යාගයක්

by sachintha
March 5, 2025 4:04 pm 0 comment

වසරකට රෝගීන් ලක්ෂ 5ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා නිකවැරටිය මූලික රෝහලේ අඩුපාඩුකම් රැසක් සපුරාලමින් අලුත්වැඩියා කිරීම්, ඉදිකිරීම් සමඟ රෝහලට අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමක්, කුලියාපිටිය එම්.ඒ.එස්. ස්ලීම්ටෙක්ස් ආයතනය මඟින් සිදු කරන ලදි. මෙහිදී නිකවැරටිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණය කිරීම, දැඩිසත්කාර ඒකකය සඳහා බෙහෙත් ගබඩාවක් ඉදිකරමින් ඒ සඳහා අවශ්‍ය කබඩ් 3ක් සහ ඉලෙක්ට්‍රොනික ඇඳක් පරිත්‍යාග කිරීම හා දැඩිසත්කාර ඒකකය ඉදිරිපිට උද්‍යාන අලංකරණය ද සිදු කෙරිණි. ඊට අමතරව රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය නවීකරණය කරමින් පුටු තොගයක්, රූපවාහිනී යන්ත්‍රයක් සහ බෆල් එකක් පරිත්‍යාග කිරීම ද අලුතින් ඉදිකරන ලද රෝහල් උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය විවෘත කිරීමද සිදුවිය. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉනෝකා වීරසිංහ මහත්මිය ප්‍රමුඛ ඉන්ටමේට්ස් ආයතනයේ මානව සම්පත් අංශ සාමාන්‍යාධිකාරී පෙමිල් අත්තනායක, ස්ලීම්ටෙක්ස් ආයතනයේ ප්‍රධානී එරන්ද තුෂාර යන මහතුන් ඇතුළු නිලධාරීන් ද, රෝහල් වෛද්‍ය අධිකාරී ජීවන්ත මල්ලවආරච්චි, නිර්වින්දන වෛද්‍යවරුන් වන හේමන්ත බණ්ඩාර, අසංක හේරත් යන මහතුන් ද, රෝහල් විශේෂඥ වෛද්‍ය හා වෛද්‍යවරුන් ද රෝහල් කාර්ය මණ්ඩලය ද රෝහල් කමිටුවේ කර්නල් හුලුගල්ල මහතා ඇතුළු නිලධාරීන් ද උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ටී.එම්. තෙන්නකෝන් මහතා ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රෝහල් වෛද්‍ය අධිකාරී ජීවන්ත මල්ලවආරච්චි මහතාගේ උපදෙස් අනුව සහ රෝහල් නිර්වින්දන වෛද්‍ය හේමන්ත බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන්, කුලියාපිටිය ස්ලීම්ටෙක්ස් ආයතනය විසින් සිය විසි වසර සමරමින් රුපියල් ලක්ෂ 47ක් වටිනා මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදි.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT