Wednesday, April 23, 2025
Home » අධිරාණිගම ගම්මැද්ද පාර හොඳටම අබලන්

අධිරාණිගම ගම්මැද්ද පාර හොඳටම අබලන්

by sachintha
March 5, 2025 4:04 pm 0 comment

තලාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පිහිටි අධිරාණිගම ගම්මානයේ ගම්මැද්ද මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව ගම්වාසීහු පවසති. කිලෝමීටර් හතරක් පමණ දිගකින් යුතු මාර්ගය මෙසේ වළ ගොඩැලි මතුවී අබලන් වීම හේතුවෙන් තමන්ට දැඩි දුෂ්කරතා විඳීමට සිදුව ඇති බව ගැමියෝ පෙන්වා දෙති. මාර්ගය වැසි දිනවලදී එකම මඩ ගොහොරුවක් වන බව ද ඔවුහු පවසති. පායන දිනවලදී අවට පරිසරය දූවිල්ලෙන් වැසී යයි. ගොවීන් සිය ගොවිපොළ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යන්නේ ද මෙම මාර්ගය ඔස්සේය. මේ සම්බන්ධයෙන් ගම්වාසීහු මෙලෙස අදහස් දැක්වූහ.

උපතිස්ස බණ්ඩාර මහතා,

“මේ පාර මහවැලිය පටන් ගත්ත හැත්තෑ ගණන්වල හදපු එකක්. ඊට පස්සේ එක පාරක් මීට අවුරුදු හතළිහකට විතර කලින් පාර තාර දාලා හැදුවා. දැන් ගන්නම දෙයක් නෑ. අසනීපයක් හැදුණු මනුස්සයෙක් මේ පාරේ ගෙනියන්න බෑ. ඒ තරම් ලොකු වළවල්. ඉස්කෝල දරුවෝ මේ පාරේ යනවා. ගොවිතැන් කරන මිනිස්සු එළවළු ටික ගෙනියන්නේ මේ පාරෙන්. පාර හදලා දෙනව නම් ඒක හැමෝටම ලොකු ප්‍රයෝජනයක්.”

ටී.එම්. සෙනෙවිරත්න මහතා,

“මේ ගම්මැද්ද පාර හදලා දුන්නොත් ගොවිතැන් කරන ගම්මාන ගණනාවක මිනිස්සුන්ට ලොකු ප්‍රයෝජනයක්. ගම්වල මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම සේවය ඒක. වවාගන්න එළවළු, කෙසෙල් ටික මාකට් එකට ගෙනියන්න පුදුම දුකක් විඳින්න වෙලා තියෙන්නේ මේ පාර හින්දා. වාහන කැඩෙනවා, ඉවරයක් නෑ මේ පාරේ වළවල්වලම වැටිලා.”

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT