අංගම්පිටිය සහ උග්ගල්ල දක්වා කාපට් අතුරා ඉදිකරන ලද ‘ඒ.එච්.එම්. ෆවුසි මාවත’ නමින් මහජනතාව භාවිත කරන මාර්ගයේ ජල තටාක බඳු වතුර වළවල් හේතුවෙන් තමන්ට මුහුණපෑමට සිදුවන අසීරුතා ඉවත් කර දෙන්නැයි ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
කැලණිවැලි දුම්රිය මාර්ගයට සමාන්තරව ඇති මෙම මාර්ගය ඔස්සේ පින්නවල සහ අංගම්පිටිය දුම්රිය නැවතුම් පොළ දෙකට පහසුවෙන් පිවිසිය හැකිය. වග සහ පාදුක්ක පාරත්, මහරගම සහ ඉහළ බෝපෙ පාරත් යා කෙරෙන අතුරු මාර්ගයක් ලෙසද බොහෝ පිරිසක් මෙය ප්‍රයෝජනයට ගනිති. පාසල් දරු දැරියන්, වයෝවෘද්ධ පිරිස්, ආබාධිත ප්‍රජාව මෙන්ම රෝගීන් යතුරුපැදියකින් හෝ ත්‍රිරෝද රියකින් අඩු වියදමකින් යා හැකි මාර්ගයක් ලෙස ද භාවිත කරන්නේ මෙම මාර්ගයයි.
ඒ අනුව, විශාල පිරිසකට ගමන් පහසුව සලසා දෙන ෆවුසි මාවතේ වතුර වළවල් වසා දෙන්නැයි මහජනතාව පවසති.
හංවැල්ල විශේෂ – අජිත් හේවසිංහ