තම තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් ආබාධිත ප්‍රජාව හෙළා පෙළා කතා කිරීම දේශපාලනඥයකු ලෙස කෙතරම් නිවැරදිදැයි සිතා බලන ලෙස ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ ලේකම් පැවසීය.
සමාජ මාධ්‍යයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දෘෂ්‍යාබාධිත සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශකට පිළිතුරු දෙමිනි.
“දෘෂ්‍යාබාධිත ප්‍රජාව ගැන දයාසිරි මහතා හිතන්නේ තමන්ගේ අල්ලන සීමාවෙන් ඇඟිලි තුඩුවලින් එහාට කාලය හෝ අවකාශය ගැන මෙලෝ හසරක් නොදන්න පිරිසක් ලෙසයි. දෘෂ්‍යාබාධිත පුද්ගලයන් කියන්නේ තමන්ගේ සීමාවෙන් එහාට දැනුම හා විශාල ක්ෂේත්‍ර ගණනාවක අවබෝධය ඇති පිරිසක්. ස්වාධීනව ජීවත් වන පිරිසක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඔබතුමන්ලාගේ අවධානය යොමු විය යුතු පිරිසක්. එසේ නැතිව තම තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් ඒ අය හෙළා පෙළා කතා කිරීම කොතරම් නිවැරදි ද කියලා හිතා බලන්න. ඔබට ආබාධිත ප්‍රජාව ගැන පමණක් නොවෙයි විවිධ වූ ජන ප්‍රජාවන් ගැන කතා කිරීමට තීරණ ගැනීමට මීට වඩා නුවණ පහළ වෙලා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ජන ප්‍රජාවක් ලෙස ඔබතුමන්ලාගේ දේශපාලන වාචාලකම්වලට මැදිව පොඩි පට්ටම් වීමට සූදානම් නැහැ. දේශපාලන නියෝජිතයන් මේ වගේ වගකීමක් නැතිව කරන ප්‍රකාශ පිළිබඳ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයිද කීවේය.
දුලක්ෂි උඩගෙදර