Wednesday, April 23, 2025
Home » නිවන්තකචේතිය ජාතික පාසලේ ඩිජිටල් මධ්‍යස්ථානය සිසු අයිතියට

නිවන්තකචේතිය ජාතික පාසලේ ඩිජිටල් මධ්‍යස්ථානය සිසු අයිතියට

by sachintha
March 5, 2025 4:15 pm 0 comment

පසුගිය 21 වැනි දින අනුරාධපුර, නිවත්තකචේතිය ජාතික පාසලේ වාණිජ අංශයේ ඩිජිටල් ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම එහි විදුහල්පති එස්. එම්. කුසුම් තිලක්, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිවත්වයෙන් පැවැත්විණි.

මේ ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් සියලුම සිසුන්ට අන්තර්ජාල පහසුකම් භාවිත කරමින් තම අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමටත්, දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකියාව ලැබේ. මේ සඳහා අවශ්‍ය උපකරණ සහ සම්පත් සුබපතන්නන් විසින් ලබා දුන් අතර, ශ්‍රම දායකත්වය ගුරුවරුන් සහ සිසුන් විසින් ලබා දෙන ලදි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මේ කාර්යයේ විශිෂ්ටත්වය අගයමින් ප්‍රශංසා කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT