Wednesday, April 23, 2025
Home » ‘විදුපියස’ වැඩසටහනෙන් මාධ්‍ය පුහුණු වැඩමුළුවක්

‘විදුපියස’ වැඩසටහනෙන් මාධ්‍ය පුහුණු වැඩමුළුවක්

by sachintha
March 5, 2025 4:14 pm 0 comment

ලේක්හවුස් ආයතනය විසින් පාසල් සඳහා හඳුන්වාදී ඇති ‘විදුපියස’ පාසල් නිල පුවත්පත් සහ අන්තර්ජාල e පුවත්පත් නිකුත් කිරීමේ වැඩසටහනේ 11 වැනි පාසල ලෙස තෝරා ගත් මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසු දරුවන්ට එක්දින මාධ්‍ය පුහුණු වැඩමුළුවක් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේදී පසුගියදා (03) පැවැත්විණි.

මෙහිදී පාසල් නිල පුවත්පත සහ අන්තර්ජාල e පුවත්පත සකස් කිරීමට අවශ්‍ය න්‍යායාත්මක, ප්‍රායෝගික දැනුම සහ පුවත්පත් මුද්‍රණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දැක බලාගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි විය. ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට ද මේ සිදු දරුවෝ එක් වූහ.

කෞෂල්‍යා සඳමාලි

ඡායාරූපය – හිරන්ත විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT