108
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මාදම්පිටිය පොලිස් වසමේ මෙත්සඳ සෙවණ මහල් නිවාසය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඒ මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගෙන තිබෙයි.
සැකකරු වයස අවුරුදු 32ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.