Tuesday, April 22, 2025
Home » සුඩානයේ සිවිල් යුද්ධය අතරතුර ළමා අපයෝජන ඉහළ නඟී

සුඩානයේ සිවිල් යුද්ධය අතරතුර ළමා අපයෝජන ඉහළ නඟී

by sachintha
March 5, 2025 4:40 pm 0 comment

සිවිල් යුද ගැටුම් පවතින සුඩානයේ පසුගිය වසර ඇතුළත ළමා අපයෝජන සහ දූෂණ සිදුවීම් 221ක් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර දෙකකට වැඩි කාලයක් පුරා ඇදී යන සුඩානයේ සිවිල් යුද ගැටුම් අතරතුර මාස 12ක බිළිඳියක ද දූෂණයට ලක්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන් ද අපයෝජනයට ලක් කර ඇති බවත්, පසුගිය වසරේ වාර්තා වූ එවැනි සිදුවිම් 16කටම ගොදුරුවී ඇත්තේ අවුරුදු 5ට වඩා අඩු වයසේ පසුවන දරුවන් බවත් යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT