Home » අධික තරුබාරුව සහ බර වැඩිවීමේ අවදානමකට
වසර 2050 දී ලෝක වැඩිහිටියන්ගෙන් 50%ක්

අධික තරුබාරුව සහ බර වැඩිවීමේ අවදානමකට

-ලැන්සෙට් වෛද්‍ය සඟරාව කියයි

by sachintha
March 5, 2025 4:39 pm 0 comment

වසර 2050 වන විට ලොව පුරා වැඩිහිටි පුද්ගලයන්ගෙන් 50%ක් අධික තරබාරුකම සහ බර වැඩිවීමේ අවදානමකට ලක්වනු ඇතැයි එංගලන්තයේ ප්‍රකට ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ නව අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටවල් 200කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් එම සඟරාවේ පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබූ එම පර්යේෂණයට අනුව ලොව පුරා දරුවන්ගෙන් 33%ක් ද අධික තරබාරුකම සහ බර වැඩිවීමෙන් පීඩාවට පත්වනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ. කෙසේ වුවද අදාළ රටවල රජයන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නේ නම් එම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව ඇතැයි ද ලැන්සෙට් පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

මීට පෙර 2021 වසරේ සිදු කළ එවැනිම පර්යේෂණයකින් ලොව පුරා අවුරුදු 25ට වැඩි වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටි පිරිමින් බිලියනයක් සහ කාන්තාවන් බිලියන 1.11ක් අධික තරුබාරුකම සහ බර වැඩිවීමෙන් පීඩාවට පත්වූ බව වාර්තා වේ. එම තත්ත්වය අඛණ්ඩව සිදුවන්නේ නම් වසර 2025 වනවිට ලොව පුරා පිරිමින්ගෙන් 57.4%ක් සහ කාන්තාවන්ගෙන් 60.3%ක් එම තත්ත්වයට පත්වනු ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පර්යේෂකයන් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT