විශ්‍රාමික ලංගම සේවකයින්ට නිදහස් ගමන් අවසර පත්‍රයක් ඉල්ලා අප කලක සිට ඉල්ලීම් කළ අතර පසුගිය රජයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අපට නිදහස් ගමන් අවසර පත්‍රයක් ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියත් අමාත්‍ය මාරුව සමඟ එය ව්‍යර්ථ විය.
නව ජනාධිපතිතුමා පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංගම 2024.11.11 දින දරන SLTB/Ho/03/01/44/2024 දරන චක්‍රෙල්ඛය නිකුත් කෙරුණේ ඩිපෝ හා සේවා ස්ථානවලට දැනුම් දුන්නේ ශ්‍රී ලංගම ශ්‍රී ලංගම විශ්‍රාමිකයින්ට නිදහස් ගමන් අවසර පත්‍රයක් ලබා දීමට තීරණය කර ඇති බැවින් අදාළ පෝරමය පුරවා හැකි ඉක්මනින් ප්‍රධාන කාර්යාලය වෙත එවන ලෙසයි.
ඒ අනුව ඉමහත් සතුටට පත් ලංගම විශ්‍රාමිකයින් ඉතා උනන්දුවෙන් අදාළ පෝරම සම්පූර්ණ කර ආයතන වෙත භාර දෙන ලදි. නමුත් මේ දක්වා එය ලබා නොදීම පිළිබඳ විශ්‍රාමික අපි දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයෙන් විමසීමේදී පවසනු ලබන්නේ තවම ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් හෝ ලබා දී නොමැති බවයි.
විශ්‍රාම වැටුපක් හෝ නොලද සුළු අර්ථසාධක ප්‍රතිලාභයක් පමණක් ලැබූ ලංගම විශ්‍රාමිකයා පත්ව ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකය. අපි නිදහස් ගමන් බලපත්‍රයක් ඉල්ලා සිටින්නේ විනෝද ගමන් යාමට හෝ නෑ ගමන් යාමට නොවේ. ළඟම නගරයට, රෝහලට, සායනයට හෝ ආගමික ස්ථානයකට යාමට පමණි.
යූ.ඩී. ප්‍රනාන්දු
මහනුවර ලංගම විශ්‍රාමික සංගමයේ
උපසභාපති