2025 අයවැය ගැන ඇතිවෙලා තියෙන කතාබහ ඇතුළෙ විවිධ අදහස් මතුවෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ ආර්ථික ඔස්තාර්වරුන් කිහිපදෙනෙක් අයවැය සම්බන්ධයෙන් ආඩපාලි කියමින් ඉන්නවා. සමහර අය මේ අයවැය එච්චරම වාමාංශික නෑනෙ, කෝ මේකේ සමාජවාදය කියලා අහනවා. එහෙම නැතිනම් මේක නව ලිබරල් ඇයවැයක්ය, හැබැයි තව ටිකක් ලිබරල් මදි කියනවා. තවත් විටෙක වැටුප් වැඩිකරලා මදි කියනවා. එහෙම කියන අතරේම මේ වැටුප් වැඩි කිරීම නිසා ඉදිරියේදී රාජ්‍ය මූල්‍ය අවදානම් වෙන්න පුළුවන් කියලත් කියනවා. කෙසේ නමුත් ගොවි, කම්කරු, ධීවරඇතුළු වැඩකරන ජනතාව විසින් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පොදු ජනතාව විසින් දැනටමත් මෙවර අයවැය අනුමත කරලා තියෙනවා.
ජාතික ජනබලවේගය පළවෙනි අයවැය ඉදිරිපත් කරන්නෙ මොන වගේ දේශීය සහ ගෝලීය සංදර්භයන් තුළද යන්න පොඩ්ඩක් මතක් කරමු. අද වන විට මහා තාක්ෂණික සමාගම් කිහිපයක හිමිකරුවන් කල්ලියක් විසින් ලෝකය අත්තනෝමතික ආකාරයෙන් තම ග්‍රහණයට ගන්න උත්සහ කරමින් ඉන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ලෙස හැඳින්වූ අමෙරිකාව යම් ආකාරයක අධිකාරිවාදී පාලනාධිකාරක් නිර්මාණය කරමින් ඉන්නවා. යානිස් වරුෆකීස් කියන ආකාරයට තාක්ෂණික වැඩවසම්වාදයක්. නිදහස් වෙළෙඳපොළ පරාමාදර්ශය ලෙස වන්දනා කරපු අමෙරිකාව පළිගැනීමේ බදු පනවමින් වෙෙළඳ සම්බාධක පනවමින් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග පනවමින් ඉන්නවා. මේ අතර සංක්‍රමණික ගැටලුව සහ ආර්ථික පසුබෑම හමුවේ බටහිර යුරෝපය අන්ත දක්ෂිණාංශය විසින් ගිළගනිමින් ඉන්නවා. මේ අතර අපේ රට, ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේත්, දේශීය දූෂිත ගජ මිතුරු විනාශකාරී දේශපාලන කල්ලියේත්, හවුල්කාරීත්වය ඔස්සේ ණය අර්බුදයක ගිළිලා ඉන්න වෙලාවක තමයි , අනාගතය පිළිබඳ සුබ සිහින දල්වමින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව් පළවෙනි ඇයවැය ඉදිරිපත් කරන්නෙ.
විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අපේ අර්ථික මොඩලය මොකක්ද කියලා අහනවා. මේක බයිබලයද, කුරාණයද කියලා අහලා තිබ්බා. අපි මතක් කරන්න කැමතියි පරමාදර්ශී ආර්ථික මොඩලයන් පිළිබඳ සියලු අත්හදා බැලීම් අසාර්ථ වෙච්ච වර්තමානයකයි අප ඉන්නෙ. මධ්‍යගත සැලසුම් මඟින් මෙහෙයවන සමාජවාදය පිළිබඳ නැඟෙනහිර යුරෝපානු උත්සහය අසාර්ථක වෙලා දැන් කාලයක් වෙනවා. 20 වෙනි සියවසේ සමාජවාදය පිළිබඳ රුසියානු අත්හදා බැලීම අසාර්ථක වුණා. අප ඒ වග පිළිගත්තු දේශපාලන ව්‍යාපාරයක්. ඒ විතරක් නෙමෙයි, මෑත කාලයේ ග්‍රීසියේ සරීසා අත්දැකීම, ස්පාඥ්ඥයේ පෙඩමෝස් අත්දැකීම මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරපු, සැලකිල්ලෙන් බලපු වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් අපි තරම් ලංකාවෙ නෑ. හැබැයි අද අපේ රටේ විපක්ෂයේ ඉන්න දක්ෂිණාංශයට මොකද වෙලා තියෙන්නෙ.
2008 ගෝලිය මූල්‍ය අර්බුදයෙන් පස්සෙ ලෝකයේ නව ලිබරල් ධනවාදය අසාර්ථක වුණා. නිදහස් වෙෙළඳපොළ මිත්‍යාවක් බවට පත් වුණා. trickledown economics අසාර්ථකයි කියලා, ඒ ආර්ථික ක්‍රම ගෙනාපු අයම පිළි අරගෙන තියෙනවා. හැබැයි ලංකාවෙ විපක්ෂයට තාම පිළිගන්න බැරිවෙලා තියෙනවා,නව ලිබරල්වාදය අසාර්ථකයි කියලා. මේ නව ලිබරල් ධනවාදයෙන් අද ලෝකෙට ඉතුරු කරලා තියෙන්නෙ මොනවද? දැවැන්ත ආදායම් විෂමතාවයක්. 1% ක් වෙච්ච සුළු පිරිසක් අතේ සමස්ත ලෝක ධනයෙන් 65% ක් සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. මිලියන 800 ක් ජනතාව සාගින්නෙ පෙළෙනවා. ඩොලර් 02 ට වඩා අඩුවෙන් ආදායම් ලබන ජනතාව මිලියන 700 ක් විතර ඉන්නවා. මිලියන 110 ක් අවතැන් වෙලා ඉන්නවා. න්‍යෂ්ටික යුද්ධයක් සම්බන්ධයෙන් තර්ජන ඇවිත් තියෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිවෙලා තියෙනවා. මේක තමයි නව ලිබරල් ධනවාදය අද ලෝකෙට ඉතුරු කරලා තියෙන වර්තමානය.
ඉතිං අපෙන් ආර්ථික මොඩලයක් පිළිබඳව අහන මහත්වරුන්ට අපට කියන්න තියෙන්නෙ අද ලෝකය ඉන්නෙ කුණාටු සාගරයක, රළු මුහුදක. අපි ඉන්නෙ, රුවල් බිඳිලා. යා යුතු ගමනාන්තය පැහැදිලි නෑ. මෙවැනි තත්ත්වයක නම් අපි ඉන්නෙ ඉතින් මේ වගේ මොහොතක. අපිට කරන්න පුළුවන් මොනවද? එකක් කරන්න පුළුවන් අපට. තත්ත්වයන් මීට වඩා අවුල් වෙන දේවල් නොකර ඉන්න එක. මෙම අර්බුදයන් ඇතිවෙන්න බලපාපු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිම නැවත ක්‍රියාත්මක නොකර ඉන්න එක.මෙවැනි තත්ත්වයක් යටතේ ශක්තිමත් ජාතික ආර්ථිකයක් , නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේදී අපි අපේ රටේ දැනට පවතින අර්බුදයට පමණක් තාවකාලිකව විසඳුම් දීලා ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අපි අපේ රටේ දැනට පවතින වහාත්මක අර්බුදවලට වගේම අපිට අනාගතයේ අපේ රට වගේම ලෝකය මුහුණ දීමට නියමිත අර්බුදවලට , කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාවක් සහිත ආර්ථිකයක් තමයි නිර්මාණය කරන්න ඕන. ස්ලැවෝයි ජිජැක් කියනවා අද අපට ගෝලීයකරණය වෙනුවට, ගෝලීය සහයෝගීතාවක් අවශ්‍යයි කියලා.ජෝෂප් ස්ටිග්ලිට්ස්, ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා. හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති. ඔහු ලෝක බැංකුවෙන් ඉල්ලා අස්වුණා,2000 වර්ෂයේදී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට විරුද්ධව. ඔහු කියන්නෙ මොකක්ද? වර්තාමනායේ ගෝලීය අර්බුදවලට සාර්ථකව මුහුණ දෙන්න නම් ජාතික ආර්ථිකයකට අවශ්‍ය වන්නේ මොකක්ද කියලයි. reduce inequality regulate market to correct failures Priorities public investments Reject austerity. ඒ කියන්නේ මොකක්ද. මේ නවලිබරල් ප්‍රතිසංස්කරණ ආපහු හරවන්න ඕන. ඒක තමයි අපි මේ අයවැයෙන් කරලා තියෙන්නෙ.
ඒ නිසා අපේ පළමු අයවැයෙන් අපි උත්සහ කරලා තියෙන්නේ අපේ නිෂ්පාදන විභවතාවය තව පුළුල් කරගන්නයි. අපි අපේ නිෂ්පාදන විභවතාවය පූර්ණ වශයෙන් උපයෝජනය කරගෙන නෑ.මේ වගේ ආර්ථික අර්බුදයකින් පස්සේ පුද්ගලික අංශයට විතරක් සම්පත් සියල්ල උපයෝජනය කරන්න ආයෝජනය ගේන්නහැකියාවක් නෑ. මොකද ලාභ මූලික කරගෙන ක්‍රියාත්මක වන පෞද්ගලික අංශය මේ ඉහළ අවදානම් දරමින් සම්පත් උපයෝජනය කරන්න මැදිහත් වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක රජයේ කාර්යභාර්ය මොකක්ද? මෙවැනි අවස්ථාවක රජය කාර්යභාරය වෙන්නේ රජයේ වියදම් තුළින් සමහර ඉල්ලුම ප්‍රවර්ධනය කරන්න මැදිහත් වෙන එකයි. ආර්ථිකයේ පුද්ගලික අංශයට නිෂ්පාදන දිරිගන්වන්න අවශ්‍ය කරන ඉල්ලුම නිර්මාණ කරන්න ඕන. ඒක නිසා තමයි අපි අපේ අයවැයෙන් රජය වියදම් වලට විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ. Joseph Stiglitzකියනවා මෙවැනි අර්බුදයකින් පස්සේ Counter cyclical spending ඕන කියලා. රජය අර්බුදයෙන් ගොඩ එන්න ආයෝජනය කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි රුපියල් මිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ආයෝජන වියදම් වශයෙන් වෙකරලා තියෙන්නෙ. පසුගිය වර්ෂයට සාපේක්ෂව සීයට හැටකින් වැඩි කරලා තියෙනවා අපි රජයේ ආයෝජන වියදම.
මීට කලින් ආණ්ඩුවමොකද්ද කරේ? පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම කප්පාදු කරා. රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණේ ජනතාවට පටි තදකරගන්න කියන ගමන් නව ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන එකයි. ජනතාවට වේල් දෙකකින් සෑහීමට පත් වෙන්න වුණා. කනකර උකස් තියන්න වුණා. විදුලිය කප්පාදු කරගන්න වුණා. ජලබිල්පත ගෙවා ගන්න බැරි වුණා. දරුවන්ගේ අධ්‍යපනය අඩාල වුණා. උදේ වේල නොකා දරුවො පාසල් යන්න පටන් ගත්තා.මෙන්න මේ නව ලිබරල් කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිය ආපහු අනිත් පැත්තට හරවන අයවැය ප්‍රතිපත්තියක් තමයි අපි 2025ට ඉදිරිපත් කරලා තියෙන්නේ. ආර්ථික අර්බුදයේ බර සාමාන්‍ය වැඩ කරන ජනතාව මත පමණක් පටවන්න අප සූදානම් නෑ. එනිසා තමයි මෙවර අයවැයෙන් අප රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ දමලා තියෙන්නේ. රාජ්‍ය සේවක මූලික වැටුප විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් මූලික වැටුප ඉහළ නංවලා තියෙන්නෙ.
කලින් ආණ්ඩුව මොකද්ද කිව්වේ? වැටුප් ඉහළ නංවන්න නම්, වැට් එක වැඩි කරන්න වෙයි කිව්වා,20% කින්.අප අපේක්ෂා කරන්නෙ මොකක්ද? අපේ රටේ සියයට 60ක ප්‍රමාණයක් ඉන්නවා අවිධිමත් අංශයේ. කිසිම රැකවරණයක් නැති, රැකියා සුරක්ෂිතභාවයක් නැති. මේ අයට විශ්‍රාම වැටුපක් නැත්නම් රැකියා සුරක්ෂිතභාවයක් නැත්නම් අඩුම ගානේ හොඳ රැකියාවක් ලබාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ නිසා ආර්ථික වර්ධනය ඉතා ඉක්මනින් අවශ්‍යයි අපට. එනිසා තමයි අපි රජයේ ආයෝජන වියදම් වැඩි කරලා තියෙන්නෙ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නංවන්න ඇප රහිත ණය යෝජනා ක්‍රමයත් හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම අපේ රට 2050 වෙනකොට අපේ රටේ වැඩිහිටි යැපුම් අනුපාතය ඉහළ යනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වන ජනගහණයක් ඉන්න රටක්. 2050 වෙනකොට අපේ රටේ සෑම වැඩ කරන පුද්ගලයන් දෙදෙනකුටම ඒක වැඩිහිටියෙක් බලාගන්න වෙනවා. ඉතින් මේ වැඩිහිටියෝ වෙන්නේ වර්තමානයේදී මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රමය කැප කරන, ශ්‍රමය වගුරු වන, කැපකිරීම් කරන තරුණ ශ්‍රම බලකාය. අපේ රටේ සංස්කෘතියක් තිබෙනවා වැඩිහිටියන්ව දරුවන් සහ මුණුබුරන් විසින් රැක බලාගන්න සංස්කෘතියක්. හැබැයි ඉදිරියේදී එන්න නියමිත සංකීර්ණ ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ට විතරක් වැඩිහිටියන් රැකබලා ගැනීමේ වගකීම පවරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ රාජය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන්නේ. ඒ ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකය ඉහළ යනවා. ඔවුන් විශ්‍රාම යනකොට ලැබෙන අර්ථ සාධක අරමුදල ඉහළ යනවා. රාජ්‍ය සේවකයගෙ විශ්‍රාම වැටුප ඉහළ යනවා. අපි මේ වැඩි වෙන වියදම කොහොමද හොයාගන්නේ?
අප Capital gain tax එක ඉහළ දමලා තියෙනවා . ඉහළ ආදායම්ලාභීන්ට. With holding tax එක දාලා තියෙන්නේ ලක්ෂ දහ අටට වඩා වැඩි ආදායම් ලාභීන්ටයි.සමහර ආර්ථික විශේෂඥයෝ අපට කියනවා මේක අයිඑම්එෆ් අයවැයක් කියලා. ඇයි එහෙම කියන්නේ? අපි Primary surplus එක 2.3 % ක් තියාගත්ත කියලා. මොකද primary surplus එකක් කියලා කියන්නේ. රජයේ ආදායමෙන් පොලී වියදම් ඇතුළු රජයේ එදිනෙදා වියදම් පියවගන්න පුළුවන් කියන එකයි. ඉතිං ඒක IMF එක කිවුවත් නැතත් අපි primary surplus එකක් තියාගන්න ඕන. ඒකෙන් කියන්නෙ අපේ රජයේ ආදායම අපේ එදිනෙදා වියදම් පියවගන්න ප්‍රමාණවත් කියන එක.අපි අපේ රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂම කරන්න අපෙක්ෂා කරනව නම් ඒ ඉලක්කයට යන්නම ඕන. ගියා ආණ්ඩුවත් ඒ ඉලක්කයට ගියා. හැබැයි කොහොමද? VAT වැඩිකරා. සීනි වලට අර්තාපල්වලට, පෙට්රල් – ඩීසල් වලට බදු ගැහුවා. අර්බුදයේ බර සම්පූර්ණයෙන් වැඩකරන පහළ පන්තියේ ජනතාවට පැටෙව්වා.
අප පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරන්න, දුම්රිය සේවය නවීකරණය කරන්න මුදල් දාලා තියෙනවා. කලින් මොකක්ද තිබුණේ? පොදු ප්‍රවාහන සේවය පුද්ගලීකරණය කරන ප්‍රතිපත්තියක්. අපේ ආර්ථික මොඩලය අහන මහත්තුරුන්ට අප කියන්නේ අපේ ආර්ථික මොඩලය ගැන ඉඟියක් දැනටමත් අපි දීලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය පුද්ගලීකරණය කරනවා වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න අපි තීරණය කරලා තියෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න, State own enterprises හෝල්ඩින් කොම්පැණි එකට දාලා අතිරික්තයක් කරන්න, එය ආර්ථික වර්ධනයට යොදාගන්න අපි කටයුතු කරලා තියෙනවා. ලාභ ලබන SLT ක පවා විකුණන්න හිටියෙ.
එසේම ඊළඟට රාජ්‍ය සේවය කප්පාදු කරන්නට පසුගිය ආණ්ඩුව කටයුතු කරමින් සිටියා. ලක්ෂ පහක් රජයේ සේවකයින් අයින් කරන්න සැලසුමක් තිබුණා.ඒත් අප අඩුපාඩු තිබෙන රජයේ පුරප්පාඩු වලට 30000 ක් බඳවාගන්න යනවා. අන්න එතැනිනුත් අපේ ආර්ථික මොඩලය ගැන ඉඟියක් ගන්න විපක්ෂයේ අයට හැකියාවක් ලැබෙනවා. අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට මෙතෙක් ඉතිහාසයේ වෙන් කරපු ඉහළ මුදල් ප්රමාණය වෙන් කරලා තිබෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය, සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරීම වෙනුවට අධ්යාපන සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය ප්‍රබලව මැදිහත් වන ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා තියෙනවා. අන්න අපේ ආර්ථික මොඩලය ගැන එයින් ඉඟියක් ගන්න පුළුවන්.
අස්වැසුම වැඩි කරලා තියෙනවා. පර්යේෂණ හා සංවර්ධන සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. එනිසා අපෙන් ආර්ථික මොඩලයක් ගැන අහන මහත්වරුන්ට අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ ආර්ථික මොඩලය ගැන හොයන්න කලින් ඉස්සෙල්ලා විපක්ෂයේ ආර්ථික මොඩලය එකතුවෙලා සාකච්ඡා කරගන්න, මොකද හර්ෂද සිල්වාමහත්තයා ලිබරල්කරණය ගැන කතා කරනකොට, රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා අන්න ට්‍රම්ප් නියමෙට කරනවා කියලා කියනවා. මොකද ලිබරල්කරණය කියන්නේ එකක්, ට්‍රම්ප් කරන්නෙ තව එකක්. ඉස්සෙල්ලා ඔය මහත්තුරු කතා කරලා එන්න මොකක්ද විපක්ෂයේ ආර්ථික මොඩලය කියලා. ඒ නිසා අපි ඉදිරි ගමනක් යනවා. අපි අපේ ආර්ථික මොඩලය ගොඩනංවන්නේ සමාජ සාධාරණත්වය , ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ පාරිසරික ගුණාත්මකභාවය කියන පදනම් ඔස්සේ. ඒ නිසා අපි මෙවර අයවැයෙන් ඒකට අවශ්‍ය ප්‍රධාන පියවර තියලා තියෙනවා.
✍️ රොෂාන් අක්මීමන ✍️